සැප්තැම්බර් පත් කළ කමිටුව අභියාචනා 14 ට වෙච්චි දෙයක් නැති බව සොයා ගනියි.

Date:

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂ අභියාචනා කමිටුවක් පත් කිරීමට දී තිබූ නියෝගය ක්‍රීඩා අමාත්‍යංශය හරහා ක්‍රියාවට නොනැඟුණු නමුත් වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉකුත් සැප්තැම්බර් මාසයේදී එවැනි අභියාචනා කමිටුවක් පත් කරන්නට කටයුතු කළා.විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයසූරියගේ සභාපතිත්වයෙන් පත් කළ එම කමිටුව මේ වන විට ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉකුත් නිලවරණයේදී භාර දුන් අභියාචනා 14 ක් අමාත්‍යංශයෙන් අතුරුදහන්වී ඇති බව සොයා ගෙන තිබෙනවා.ඒ මාස මාස හයකට පසුවයි.
වාර්තාවන තොරතුරුවලට අනුව අභියාචනා 16 ක් භාර දී ඇති බවත්,ඒ එක් අභියාචනයක් භාරගැනීම වෙනුවෙන් රුපියල් පන් දහස බැඟින් අය කර ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.දැනට එවැනි අභියාචනා දෙකක් පමණක් ඉතිරිව ඇති අතර ඉතිරි අභියාචනාකරුවන් 14 දෙනා අතේම එම අභියාචනා භාර ගැනීම වෙනුවෙන් නිකුතු කළ රිසිට් පත් ඇති බවට ද වාර්තා වෙනවා.

සැප්තැම්බර් මාසයේ පත් කළ කමිටුව මාස හයකට පසු ක්‍රිකට් නිලවරණයක් නැවත පැමිණ තිබියදී,ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර සංගම්වල නීතිය ඉක්මවා ක්‍රීඩාවට බලපෑම් කිරිම නිසා මේ වන විට ක්‍රීඩා සංගම් ජාත්‍යන්තරව තහනම් වීමේ අවධානයකට ලක්ව සිටියදී සහ ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වනු ඇතැයි සිතිය හැකි කණ්ඩායමක් රහස්‍යභාවයෙන් පැවතිය යුතු විගනන වාර්තාවක් ගැන තොරතුරු කියමින් එම වාර්තාව පැමිණි පසු නැවත ඉදිරිපත්වීම සම්බන්ධයෙන් බලාපොරෙත්තු පළ කරමින් සිටින මොහොතක මේ ආකාරයට අභියාචනා 14 ක් නැති වීම ගැන සොයා ගෙන තිබෙනවා.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...