රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා වළක්වන්න ඩිජිටල්කරණය ගෙන ආ යුතුයි – බන්දුල ගුණවර්ධන

රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තුවල සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට නම් එම දෙපාර්තමේන්තුවලට ඩිජිටල්කරණය හඳුන්වා දිය යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.

පොදු ප්‍රවාහනය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම දෙන ලෙසත් නව සිස්ටම් චේන්ජ් එකකට යාමට රජය සෑම විටම සූදානම් බවද සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොලී අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. ලෝක මූල්‍ය ක්‍රමය රජයට හසුරවන්න බැහැ. අන්තර් ජාතික වශයෙන් අපි ගෙවීම් පියවන්න ඕන. ලෝකයේ සියලුම සංවර්ධිත රටවල ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් නමුත් පොලී අනුපාතය තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. දේශපාලනඥයන්ට පොලිය හදන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය පොලී අනුපාතය තවත් 2 1/2%ක් වැඩි කරන්න කිව්වත් අපි ඊට එකඟ වුණේ නැහැ.

මෙය පාර්ලිමේන්තුවට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. අද වන විට විදේශ රටවලින් ගත්ත ණය තවදුරටත් ගෙවන්න බැරි වුණා. මේ නිසා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තිබෙන ව්‍යාපෘති රැසක් නතර වී තිබෙනවා. අපි කැමැති නැති වුවත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය මෙයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරන්න කිවු යෝජනා දුෂ්කරයි. නමුත් අකමැත්තෙන් වුවද ඒවා ඉටු කිරීමට සිදු වෙනවා. මේකට දේශපාලන අර්ථකථන දෙන්න එපා. මුදල් අච්චු ගහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණෙන් නව මුදල් පනතක් ගෙනාවේ. ඒ වගේම මහ බැංකුව තවත් ස්වාධීන වෙනවා. මෙමඟින් කිසිම දේශපාලනඥයකුට මේ සඳහා මැදිහත් වීමට නොහැකියි. මේ වන විට එම පනත පාර්ලිමේන්තුවට පිළිගන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ නම් අධිකරණයට යා හැකියි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...