ඇමරිකානු ඩොලරයේ මිල තවදුරටත් පහළට එයි. එක් බැංකුවක 295 යි !

වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව අද (09) දිනයේත් ඇමරිකානු ඩොලරයක මිල තවදුරටත් පහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ලංකා බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 335 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 305 ක් සහ 325 ක් වශයෙන් සටහන්ව ඇත.

සම්පත් බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 330 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 308 ක් සහ 323 ක් වශයෙන් සටහන්ව ඇත.

ඊයේ දිනයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල රු. 308 ක් සහ 330 ක් වශයෙන් පැවති අතර අද එය 305 ක් සහ 327 ක් වශයෙන් සටහන් කර තිබේ.

NDB බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 305 ක් සහ 330 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 295 ක් සහ 325 ක් වශයෙන් සටහන්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...