*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මැතිව්ස් කිව්ව ටෙස්ට් අර්බූදය සහ පාලකයන්ට පේන ක්‍රිකට් අර්බූදයේ පරතරය

සිය ටෙස්ට් දිවියේ හත්දහස් වන ලකුණට ළඟා වෙමින් වැඩිම ටෙස්ට් ලකුණුලාභි ලාංකේය පිතිකරුවන් අ.ර තෙවැනි තැනට පැමිණි ඇන්ජලෝ මැතිවිස් මාධය අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ලැබෙන ටෙස්ට් තරග ප්‍රමාණය ප්‍රමානවත් නොමැති බවය.මැතිව්ස් පෙන්වා දුන්නේ මේ වසරක කාලය තුළ තම කණ්ඩායමට ලැබුණේ ටෙස්ට් තරග 15 ක් පමණ බවය.එසේම මේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ මාස හයකට පසුව බව ද ඔහු අවධාරණය කළේය.

ලැබෙන සීමිත ටෙස්ට් තරග ප්‍රමාණය තුළ ශ්‍රී ලංකාව දක්වා තිබෙන දස්කම් ගැන සතුටු විය හැකි බව ඇන්ජලෝ මැතිවිස්ගේ අදහසය

නවසීලන්තයට එරෙහිව තරගයේ පළමු දිනය ක්‍රියාත්මක වූ ආකාරය ගැන සතුටු විය හැකි බව පෙන්වා දුන් ඇන්ජලෝ මැතිවිස්,ඔහු පෙන්වා දුන්නේ පන්දුවට පහර දීමට අපහසු තණතීරුවක ශ්‍රී ලංකා පිතිකරුවන් දක්ෂ නවසීලන්ත පන්දු යවන්නන්ගේ පන්දු ඉදිරියේ කල්පනාකාරී වූ බව පෙන්වා දුන් මැතිව්ස්,පන්දු තෝරා බේරා ගනිමින් නිවැරදිව ලකුණු එකතු කළ ආකාරය ගැන සතුටු විය හැකි බව පෙන්වා දුන්නේය.

කුසල් මෙණ්ඩිස් විදේශිය පිතිකරුවෙක් නවසීලන්තය තුළ රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය (පන්දු 40) සමඟින් රැස් කරන ලද ලකුණු 87 ගැන මහත් විනෝදශිලීව ඇගයූ සහ ප්‍රශංසා කළ මැතිව්ස් ඔහු විස්සයි විස්ස තරගයක මෙන් පන්දුවට පහර දුන් ආකාරය ගැන සිනහ උපදවා ගන්නා අතරේ පැවසීය.

මැතිවිස් මෙම සාකච්ඡාවේදී පැවසූ ආකාරයටම මීට පෙර නායක දිමුත් කරුණාරත්න ද ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග හිඟපාඩුව ගැන මාධ්‍යයට කරුණු හෙළිදරව් කළේය.ක්‍රීඩා අමාත්‍යංශය ද මේ තත්ත්වය තේරුම් ගත යුතු අතර නමුත් ඔවුන් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරමින් ජාත්‍යන්තරය විසින් පිළිගත් කරුණු වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටියත්,ක්‍රීඩාව සඳහා තරග හිඟකම ආදිය සම්බන්ධයෙන් ගැටළු වැටී තිබීම ගැන ක්‍රිකට් බලධාරීන් හා කතාවක් නැත.

ක්‍රීඩකයින් ප්‍රමාණවත් තරග නොමැතිවද සිටින්නේ ලෝක ටෙස්ට් තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන්නට ඉඩක් තිබෙන තැනකය.පාළකයින් සිටින්නේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාව නිසා ශක්තිමත් වෙන ක්‍රිකට් ගිණුම එක එක ආකාරයට මෙහෙයවන්න සහ පාලනය කරන්න හැකි මට්ටමකට ඉඩ හදා ගන්නට හෝ ඒ සඳහා තමන්ගේ කණ්ඩායමක් පත් කර ගන්නට හැකි මට්ටමට නීතිය හදා ගන්නට උත්සාහ කරමින්ය.කිසිවෙක් පවතින පරිපාලනයේ ඉපැයීම්වල සහ ඒවා පාලනය සම්බන්ධයෙන් වැරදි පෙන්වා එවැනි වාර්තා පෙන්වා ක්‍රිකට් ආයතනයේ පුටුවට පැනීම හැරෙන්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ටේස්ට් තරග අඩුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරෝධයක් එල්ල කරන්නේ හෝ එය වැඩි කිරිමට මෙන්න මේ ආකාරයේ දේ ක්‍රියාත්මක නොකළේය යන්න චෝදනාවක් එල්ල කළේ නැත.

ඒ නිසා මැතිව්ස්ලා හෝ දිමුත්ලා ලංකාව ටෙස්ට් සූරයන් කරන්නට දරන වෑයමට වඩා පරිපාලනය පැත්තෙන් දකින්න ඇත්තේ ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් නිසා ගලා එන සල්ලි පාලනය කරන්නට කැමති අය ඒ වෙනුවෙන් සිඳු කරගෙන යන රණ්ඩුවක්ය.මැතිව්ස් පවසන ටෙස්ට් තරග හිඟය ශ්‍රී ලංකාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්නට බලපෑමක් කරන බව ඇත්තනම්,ක්‍රිකට් නිවැරදි කරන්නට සෑහෙන වෙහෙසක් කරන බව පෙන්වන ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් තරග ප්‍රමාණය වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දුන් උපදෙසක් වේ ද?සාකච්ඡා කර තිබේද?අයිසිසී ය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සාකච්ඡා කර ඇද්ද?

ඒ කිසිවක් නොතිබිය දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකම ජය ගතහොත් අවසාන මහා තරගයට ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ඇත.එහෙත් ඔස්ට්‍රේලියාව ඉන්දියාවට පරාජය නොවෙන්නේනම් පමණි.ඊයේම ඇරඹි ශ්‍රී ලංකා නවසීලන්ත තරගය තරමටම මේ නිසා ඊයේම ඇරඹි ඉන්දියා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ ඉන්දියාව ජය නොගැනීමත් වැදගත්ය.එය එසේ නොවනු ඇතැයි සිතිය හැකි මට්ටමට පළමු දිනයේ දී ඕස්ට්‍රේලියාව කඩුලු 4 ට ලකුණු 255 ක් ලබා සිටින්නේය.නමුත් අනාවැකි අවදානම්ය.ක්‍රිකට් චමත්කාරම ඒ නිසාය.ලංකාවේ බොහෝ පරිපාලන ඇස්,සිත් ක්‍රිකට් වෙත යොමුවන්නේ එහි ගිණුම චමත්කාරය විදීමේ ආසාවෙන් යුත් සිතෙන්ය.

නමුත් ලෝක ක්‍රිකට් ප්‍රධානීන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රියාත්මක වන ආකාරයේ යම් අසමතුලිතභාවයක් තිබෙන බව ඔවුන්ම නිරීක්ෂණය කර පිළිගෙන ඇත.හදිසියේ ඩුබායි රාජ්‍යයේදී රැස් වූ ක්‍රිකට් සම්බන්ධ නිතිමය රාමුව යාවත්කාලින කරන සහ මෙහෙයවන එම්සීසි ප්‍රධානීන් ගෙන ඇති තීරණ මත බොහෝ විට යහපත් තත්ත්වයක් නිර්මාණය විය හැකි බව සිතිය හැකි අතර තරග ලැබීමේ වැඩි වීමක් නොවුණහොත් අඩුම තරමේ පිළිගත හැකි සමතුළිත බවක් හෝ ඇති විය හැකි යැයි විශ්වාස කළ හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan