බද්දට එරෙහි වෘත්තීය සමිති සටන වරායෙන් ඇරඹෙයි – තීරණාත්මක දින දෙකන් පසු වරායම වැසීමේ සූදානමින් (VIDEO)

සංශෝධිත නව ආදායම් බදු පනතට එරෙහිව වරාය සේවකයින් අද (13 ) සිට 15 වැනිදා දක්වා දින දෙක තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන අතර අසාධාරණ බදු පනත හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් 15 වැනිදා සිට රටම ගන්නා ක්‍රියාමාර්ග සමඟ එකතු වී වරාය වැඩ බිම්වලින් ඉවත්වී වැඩවර්ජනයට යොමුවීමට තීරණය කර තිබෙන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

මේ තුළින් රටේ ජනතාවට යම් අපහසුතාවක් වෙන බව දන්නා අතර එයට සේවකයින් වගකිව යුතු නැති බවත් ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් කළුතරගේ මහතා කියා සිටියේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග නිසා වරාය දෛනික කටයුතු මන්දගාමී වන බවත් ආනයන අපනයන ක්‍රියාවලියට විශාල පාඩුවක් සිදුවන බවත් ඔහු සඳහන් කරන ලදී.

මේ අතර අකුරට වැඩ කිරීමේ දින දෙක තුළ නැව් 20ක පමණ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට තිබෙන නමුත් ඒවාට යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ඔහු කියසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...