*
දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/14
- ශී ජින්පින්ග් තෙවන වරටත් චීනයේ ජනාධිපති ලෙස පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභපැතුම් එක්කරයි – ඔහුගේ නායකත්වය යටතේ චීනයේ සිදුව ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කරයි – විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ චීනයෙන් ලබා දෙන සහයෝගය පිළිබඳ අගය කරයි.
- ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – හම්බන්තොට ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බව පවසයි – හම්බන්තොට පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට චීනයේ දැවැන්ත සමාගමක් වන Sinopec පොරොන්දු වූ බව ද පවසයි.
- තම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සිරබත් කෑමට සූදානම් විය යුතු බව එම පක්ෂයේ පා.ම. එස්.එම්. මරික්කාර් පවසයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොරැවටෙන මෙන් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි – රජයේ සේවකයන්ගේ රුචිය තිබිය යුත්තේ ජනතා හදවත් වෙනුවෙන් බව ද පවසයි.
- පෝය දිනවල ද විදේශිකයන්ට මත්පැන් විකිණීමට අවසර ලබා දෙන මෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යෝජනාවක් රැගෙන එයි.
- ඉකුත් සතියේ රබර් වෙන්දේසියේ දී සමස්ත රබර්-මූලික කොටස් විකිණී නැති බව වාර්තා වේ – තේ වෙන්දේසියේ දී තේ කොටස්වලින් සියයට 26 ම විකිණී නැති බව ද වාර්තා වේ – මිල උග්‍ර ලෙස පහත වැටෙන අතර, වතු සමාගම් සිය පිරිනැමීම් හකුලා ගන්නා තත්ත්වයක් උද්ගතව තිබේ.
- තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලබයි.
- ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වීම ව්‍යාජව සිදුකරන ලද්දක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. සුනිල් හඳුන්නෙත්ති පවසයි – මෙය නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ බවත්, එමඟින් ඉදිරියේදී ජනතා නැඟිටීම පාලනය කිරීම සහ ජනතාව රැවටීම ආණ්ඩුවේ අභිලාශය බවත් පවසයි – මහ බැංකුව විසින් ‘නිවැරදි’ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා රුපියල ශක්තිමත් වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
- නව මහ බැංකු පනත විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ – පෙත්සම්කරුවන් අතර, පා.ම. විමල් වීරවංශ සහ ආචාර්ය ගුණපාල අමරසේකර ද වෙති – ප්‍රමුඛ ව්‍යවසායකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රිය ක්‍රියාධරයකු වන ජෙහාන් හමීඩ් ද මෙම පනතේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරයි.
- තම භාණ්ඩාගාර බැඳුම්කර අලෙවිය හරහා රජය ඉපැයීමට සමත්ව තිබෙන්නේ රු. බිලියන 110.44 පමණි – රු. බිලියන 180 ඉලක්කය සපුරා ගැනීමට රජය අසමත් වෙයි – වසර දෙකක සියලු භාණ්ඩාගාර බිල්පත් ලංසු පාහේ මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප වී ඇති අතර, ඉලක්කගත රු. බිලියන 70 න් අනුමත වී තිබෙන්නේ රු. බිලියන 0.4 පමණි.
- නවසීලන්තය පළමු ක්‍රිකට් ටෙස්ට් තරඟය කඩුලු 2 කින් ජය ගනියි – අවසන් දිනයේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ලකුණ ලබා ගනියි – ශ්‍රී ලංකාව ලකුණු 355 සහ 302; නවසීලන්තය ලකුණු 373 සහ 285/8 – ඒ අනුව, ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් නොලබයි.