ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වුණොත් ඇමරිකාව අපට බෝම්බ ගහයි ! – හඳුන්නෙත්ති (VIDEO)

ඇමරිකානු ඩොලරයට වඩා ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත්නම් ඇමරිකාව ශ්‍රී ලංකාවට හොඳින් සිටින්නට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මේ තත්වයට අවුරුද්දක් නෙවෙයි මොහොතක්වත් සහාය දෙන්න හොඳ නෑ. මොකද මේ බොරුවකට. ඔයා හිතනවාද රුපියල ඇමරිකාවට වඩා හොඳින් ශක්තිමත් වෙනවා නම් ඇමරිකාව අපට නිකම් ඉන්න දෙයි කියලා ? ඈ ? එහෙමනම් ඇමරිකාව අපට බෝම්බ ගහයි ! ඇමරිකාවෙ ඩොලර් එකට වඩා රුපියල ශක්තිමත් වෙනවායි කියලා (සිනාසෙයි) …. ඕක හරියට ගත්තොත් අර අශූචි ගොඩක පරිප්පු ඇට හොයනවා වගේ වැඩක් නෙ. නේද ? මේක අශූචි ගොඩක් බව දැනගෙනම හැබැයි ඒගොල්ලො හොයනවා පරිප්පු ඇටයක් හරි තියෙයිද කියලා, අශූචි ගොඩ හොඳයි කියන්න. ඉතින් ශාන්ත බණ්ඩාරලා වෙන මොනවා කියන්නද ?”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

අනාගත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වශයෙන් සැලකෙන්නේ ද සුනිල් හඳුන්නෙත්ති මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...