“දැන් මහ මැතිවරණය තියන්න ඕනේ. ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න”

නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද දින (16) නිදහස ජනතා කාර්යාලයේ දී පැවැත්එවුනු අතර එහිදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා අදහස් දක්වමින් කියා සිටියේ දැන් සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීම බවයි.

“ඊයේ විශාල වැඩ වර්ජනය තිබුනා සමහර අය කියනවා ඒක සාර්ථකයි කියලා. රජය කියනවා අසාර්ථකයි කියලා. ඒත් රටේ ආදායමට ලොකු පාඩුවක් වුනා ..1977 දේශපාලන ඉතිහාසය ගැන මතක් වෙනවා. ජනතාව විරුද්ධ වෙන කොට පොළු වලින් ගහලා රට හදන්න හැදුවා. බලහත්කාරයෙන් ඒ රජය සිටියෙ . බදු ගන්නෙ නැතුව ඉදලා එකපාරටම ලොකු බද්දක් ගැහුවාම එක ජනතාවට දරාගන්න බැහැ. 2015 දීත් ඕය දෙයම තමයි කළේ.

දැන් කර්මාන්ත කඩා වැටිලා. සමහර ඒවා වහලා අපේ රටේ ජනාධිපති කතා පවත්වන්න ආසයි. මාස හයකට පාරක් කතා කරන්න අවස්ථාව ලබා ගන්නවා රටට ආදරයක් තියෙනවානම්. දැන් මහ මැතිවරණය තියන්න ඕනේ. ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තු විසුරුවන්න.”

යැයි සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...