රගර් ස්තූතිය පුද කරයි

Date:

සාර්ථක රග්බි වසරක අවසානයේ ශ්‍රී ලංකා රග්බි,රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සහ අභිවෘද්ධිය පිණිස දායක වෙමින් විවිධාකාරයෙන් සහය සහ අනුග්‍රහය දැක් වූ පිරිස් වෙත සිය ස්තූතිය පුද කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.ශ්‍රී ලංකා රග්බි මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබෙන මෙම නිවේදනයට අනුව රග්බි ක්‍රීඩාව කීඩාවේ සාරධර්මවලට යටත්ව සවිබල ගන්වමින් සතුටුදායක තරගාවලියක් නිමාවට එකතු වූ සියලු අනුග්‍රහයකයන්ට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සාර්ථක කර ගැනීමට දැක් වූ දායකත්වයට ස්තූතිය ප්‍රකාශ කරන අතර අති සාර්ථක තරග වාරයකින් පසු පිරිනමනු ලබන එම ස්තූතිය සමඟ ඔවුන්ට එම සාර්ථක ගමන ශ්‍රී ලංකා රගර් සමඟ පෙරට ගෙන යන්නට අවශ්‍යය ශක්තිය සඳහා ආශිර්වාද කරන බව ද පවසයි.

සියලු ළමා තරුණ ක්‍රිඩකයනට ක්‍රීඩාවේදී තම දක්ෂතා විඳහා දැක්වීමට සම අවස්ථා තිබිය යුතුය යන්න ශ්‍රී ලංකා රගර් දැඩිව විශ්වාස කරන අතර එවැනි පරිසරයකදී සිය හැකියාවන්ගෙන් ඉතා ඉහල දස්කම් වාර්තා කර සැබෑ දක්ෂයන් මෙවර තරග වාරය තුළත් දැක ගන්නට ලැබුණ බව ඔවුන්ගේ විශ්වාසය වන්නේය.මේ සියල්ල සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමින් දුෂ්කර වෑයමක් සාර්ථක කිරීමට කැප වූ අනුග්‍රාහකයන්ට මෙන්ම 2022 – 2023 වර්ෂවල රග්බි සාර්ථකත්වයට නොමසුරුව උපකාර ලබා දෙමින් සවියක් වූ ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික ඔලිම්පික් කමිටුව,ආසියානු රග්බි සංගමය,ලෝක රග්බි සංගමය,ආසියානු රග්බි කමිටුව,සියලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, සමාජාලා වෙබ් අඩවි,සහ නන් අයුරෙන් සහය වූ සියල්ල කෘතවේදීව සිහිපත් කරන්නට එම මාධ්‍ය පණිවිඩයෙන් කටයුතු කර ඇත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...