ඛාන් ජන ගඟක් සමඟ අධිකරණයට

Date:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු වෙනුවෙන් ඇප අයදුම් කිරීම සඳහා පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ආධාරකරුවන් සියගණනක් සමඟ මහාධිකරණයට පාගමනින් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය (13)වන දා ඉස්ලාමාබාද් අධිකරණය විසින් පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ හා ත්‍රස්තවාදී චෝදනා වෙනුවෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කළ අතර ඒවා භාර දීමට පෙර නැගෙනහිර ලාහෝර් නගරයේදී ඛාන්ගේ නිවස අසල පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් ආධාරකරුවන් හා පාකිස්තාන පොලිසිය අතර ගැටුම් හටගනු ලැබීය.

මෙහිදී ඛාන්ගේ ආධාරකරුවන් වසින් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය තත්වය නොසන්සුන්කාරී වීම හේතුවෙන් අධිකරණය විසින් ඛන් අතත්අඩංගුවට ගැනීම අද(17)දක්වා දීර්ඝ කළ කරන ලදි.

ඒ අනුව ඛාන්ගේ අභියාචනය විභාග කිරීම සඳහා ලාහෝර් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඇත් අතර ඛාන් 2018 සිට 2022 දක්වා අගමැතිව සිටියදී ඔහුට ලබා දුන් රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ. පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂ විසින් නිවේදනය කර තිබුණේ හිටපු අගමැතිවරයා කිසිවිටක උසාවිය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකී නොසිටින අතර එය ආරක්ෂක ගැටළු නිසා පමණක් සිදුවූවක්ය යන්නයි.

ඉම්රාන් ඛාන් මාධ්‍යවෙත වාර්තා කර තිබුණේ, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු අවම වශයෙන් තමාට එරෙහිව නඩු 85 ක් ගොනු කර ඇති බවයි. එතැන් සිට ඔහු වහාම ජාතික මැතිවරණයක් ඉල්ලා මහජන රැස්වීම් පවත්වන විට පසුගිය නොවැම්බරයේ පැවති එම එක් රැලියකදී ඔහුට වෙඩි වැදී තුවාල සිදු විය. කෙසේ නමුත් හිටපු අගමැතිවරයා විසින් දිගින් දිගටම කියා තිබුණේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයින්ම බවයි.



සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?