ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Date:

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ.

පසිදු ගුණරත්න ගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් මෙම පත්කිරීම සිදු කළ බවයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.

25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටී. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න, ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.

NYSC හි නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගන්වන සහ අනුබල දෙන පරිසරයක් ඇති කිරීමට සහ අවස්ථා නිර්මාණය කිරීමේ මෙහෙවරට නායකත්වය දෙනු ඇතැයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන පුනරුදය තුල, තරුණ තරුණියන්ගේ චින්තන සහ ශ්‍රම දායකත්වය රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කරමින් ඔවුන් සාර්ථක අනාගතයක් කරා යොමු කරන නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක සාධකය වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...