සපුගස්කන්ද යළි පණගැන්වීම 30 දක්වා පස්සට!

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම ජනවාරි 30 වැනිදා දක්වා කල් යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණද එය 30 වැනිදා දක්වා තවදුරටත් ප්‍රමාද වන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ප්‍රමාදයට හේතු වී තිබෙන්නේ බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම බව සඳහන්.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණ නමුත් එම නෞකාව කොළඹ වරායට ළඟා වීමට නියමිතව ඇත්තේ අද (26) දිනයේ බවයි දැක්වෙන්නේ.

ඩොලර් ප්‍රශ්නය නිසා බොරතෙල් ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබුණද මේ වන විට එම අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙන බවද අමාත්‍යාංශය දක්වසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...