අප්‍රේල් 25 ඡන්දයක් නෑ. මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක් – ඇමති සිසිර (VIDEO)

පළාත් පාලන මැතිවරණය කිසිසේත්ම අප්‍රේල් 25 වනදා නොපැවැත්වෙන්නේ යැයි පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

“මැතිවරණ කොමිසමත් මේ වනවිට ඡන්දය සම්බන්ධයෙන් යම්යම් අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රමාණය රටට බරක්, 8000 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා සීමා නීර්ණය පිළිබඳ කටයුතු සිද්ධ වෙනවා. මේ අප්‍රේල් 25 ඡන්දය කිසිසේත්ම පැවැත්වෙන්නේ නැති බව තමයි පේන්නෙ. ඔය අප්‍රේල් 25 නියම කරන්න ඉස්සෙල්ලා අප්‍රේල් 01 වෙනිදා නියම කළා නම් ඒක හොඳයි, ඒක වැදගත් දිනයක් මැතිවරණ කොමිසමට. ඒ නිසා අප්‍රේල් 25 ඡන්දය පැවැත්වෙන්නේ නෑ කියන කාරණය තමයි පෙනෙන්නේ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ අවුරුදු දෙකක් යනකල් ඡන්දයක් නෑ කියලාද කියන්නෙ ?

“නෑ, එහෙම නෑ. මම හිතන්නෙ ඉතා ඉක්මනින්ම රටේ ආර්ථික තත්වය යහපත් වීමත් සමග මැතිවරණයක් පවත්වයි කියලා අපි විශ්වාස කරනවා. මැතිවරණ කල්දාන්න පුළුවන් කමක් නෑ රටට. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ජනතාවගේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණය ඉදිරියේදී නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කරන්න නියමිතයි. ඒත් එක්ක මැතිවරණ පවත්වයි”

සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...