පශු සම්පත් සංවර්ධනයට ඉන්දීය රජයේ අතහිත

Date:

අගාධයකට වැටී ඇති මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවක දී අදාළ එකඟතාව පළ වී බවයි.

අවස්ථා කිහිපයක දී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා තිබූ අතර , මෙරට තුළ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ නොමැතිවීම හේතුවෙන් උසස් වර්ගයේ ගවයින් මෙරටට ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බව ද වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසූවේ පසුගිය වසරේ මෙරට කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය 19% කින් පමණ පහත වැටී ඇති බවයි. එබැවින් මෙම ඉංදීය සහයෝගය ඉතා වැදගත් බව පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...