සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරන්නේ , මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇති බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා වලට අනුව, ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව සඳහන්.
එම වාර්තාවට අනුව සුරාබදු ආදායම මේ වසරේදි 12.2% කින් පහත වැටී ඇත.
රෂිකා හෙන්නායක