ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘මිනිස් ජාවාරම්’ බෝට්ටුවක් අනතුරකට ලක්​වේ

0
239

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක් පෙරලීමෙන් පසු අතුරුදහන් වූ බවට සැක කරන පුද්ගලයින් 39 දෙනෙකු මේ වන විටත් සොයමින් සිටී.

ෆෝට් පියර්ස් නගරයේ සිට සැතපුම් 45ක් (කිලෝමීටර් 72ක්) දුරින් බෝට්ටුවක බඳේ එල්ලී සිටින මිනිසෙකු ධීවරයින් විසින් දැකීමෙන් පසු එදින අඟහරුවාදා උදෑසන ප්‍රදේශවාසින් විසින් නිලධාරීන් දැනුවත් කරන ලදී.

දිවි ගලවා ගත් පුද්ගලයා පැවසුවේ මෙම කණ්ඩායම සෙනසුරාදා රාත්‍රියේ බහමාස් හි බිමිනි සිට පිටත් වූ අතර අයහපත් කාලගුණයට ගොදුරු වූ බවයි.

එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ මෙම බෝට්ටුව “මිනිස් ජාවාරමක” කොටසක් විය හැකි බවයි.දිවි ගලවා ගත් පුද්ගලයාගේ සඳහනකට අනුව , කිසිවෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ සිට නැත. ඒ අනුව නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් මියාමි වෙරළාරක්ෂක අංශය විසින් සෝදිසි කිරීම් මෙහෙයවනු ලැබූවත් අඟහරුවාදා දහවල් වන විටත්, තවත් දිවි ගලවා ගත් කිසිවෙක් හමු නොවී ඇත.

Bimini දිවයින බහමාස් හි බටහිර දෙසින් පිහිටි දිස්ත්‍රික්කය වන අතර එය මියාමි සිට සැතපුම් 80 ක් දුරින් පිහිටා ඇත.මේ වන විට නිලධාරින් බිමිනි සිට ෆෝට් පියර්ස් දක්වා සැතපුම් 135ක් පමණ ප්‍රදේශයක් ආවරණය කරමින් පිරිස් සොයමින් සිටී.එමෙන්ම සිකුරාදා වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ බහමාස් වෙත බටහිර දෙසින් අධික බර පැටවූ නෞකාවක සිටි හයිටි ජාතිකයන් 88 දෙනෙකු සොයා ගත් බවයි

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here