අන්නාසි මාමාට සම්මානයක්

Date:

අන්නාසි මාමා යනු ක්‍රීඩා මාධ්‍ය කලාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ කොළමකි.ඒහි ලිවිම් අතිශයින්ම සියුම්ය.සියුම් ආකාරයට පතුලටම කිදා බසින සේ පහුරු ගෑම සමත් ඒ ලිවීම් මේ කාලයේ නිහඬව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණිෂ්ඨ ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් සේ භාර දූර වගකීමක නියැලෙන බැවිනි.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්,මලල ක්‍රීඩකයෙක්,පාපන්දු ක්‍රිඩකයෙක් ආදී බොහෝ ක්‍රීඩා විෂයන් හි නියැලි අන්නාසි මාමා,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට දිගට ක්‍රියාත්මක විය.ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට ද ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේම ක්‍රියාත්මක වූ රංජන් පරණවිතාන දුලිප් ලියනගේ ගේ සිට කළුතරින් පැමිණි බොහෝ ක්‍රීඩකයින් පිටුපස සිටි දැවන්ත ශක්තිය විය.
ජනමාධය කලාවට ඔහුගේ ප්‍රවේශය කතා කරුවෙක් සහ චිත්‍ර ශිල්පියෙක් විදිහටය.අපූරු රසවත් ලියන්නෙක් මෙන්ම අඳින්නෙක් ද වන අන්නාසි මාමා කාටුන් කලාවේද අති දක්ෂයෙක්ය.අන්නාසි මාමාගේ නම ඒළියට එන්නේම කොළමට පසුව ඔහුගේ ජනප්‍රිය රංජන්ගේ මැම්බර් හරහා ය.ඒ හැරෙන්ට ඔහුට ප්‍රවාත්ති මාධ්‍යයේද පෑන සහ කැමරාව දෙකම හොඳට හුරුය.

පසුව ක්‍රිඩා මාධ්‍යවේදියෙක් ලෙස මෙන්ම ක්‍රීඩා සංස්කාරකවරයෙක් ලෙස ලක්බිම පුවත්පත හරහා මේ රටේ තීරණාත්මක මැදිහත්වීමක් ක්‍රීඩාව වෙනුවෙන් කරන්නට මඟ පෙන්වූ රංජන් පරණවිතාන නොහොත් අන්නාසි මාමාට හැකි විය.ක්‍රීඩා මාධ්‍ය කලාවේ දී රංජන් ගේ ඇල්ම බැල්ම හැම ක්‍රීඩාවකටම වැටුණු අතර ඒ ක්‍රීඩාවන් ගැන තිබුණ ප්‍රමාණාත්මක දැණුම නිසා ද ඔහුගේ පිටුවල ලියැ වි ක්‍රිඩා තාර්කිකව සහ ක්‍රීඩාවේ තාක්ෂණික පැත්තෙන් ද පෝෂණය වි තිබුණේය.එහි මඳ හෝ අඩුවක් තිබුණහොත් එය පෝෂණය කළ යුත්තේ කෙසේද කියන්නට ද ඔහු දැන උන්නේය.

ඔහුගේ පිටු සංස්කරණය ඇතුළත බොහෝ දක්ෂයන්ට, ලංකාවේ විවිධ ක්‍රීඩාවල නිසි තැන් ලබන්නට,නිසි අවස්ථාවන් දින‌ා ගන්නට සමත් වූ වාර සුවිශාලය.සුවිශේෂය.මේ සියල්ල සළකා මෙවර සිල්ක් සම්මාන උළෙලේදී ජීවිතයේ ඒක් වරක් පමණක් දිනා ගත් හැකි ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය රංජන් පරණවිතානට පිරිනමන්නට යෙදිණි.ස්ර්,මිස්ටර් කෑලිවලට අකමැති රංජන් බොහෝ විට තමන්ගේ යටතේ සිටින සියලු මාධ්‍යවේදීන්ගේ අයියා ය.සමහර විට ඔහු සමාජයටම අයියා කෙනෙකි.පැහැදිළිවම ඔහුට වඩා වයස අය ද රන්ජන් අයියා කියන්නේ එය ඔහුව හඳුන්වන ගෞරවාර්ථ පදයක් සේ සළකා ය.

වයසට යන්නෙ නැති පෙණුම මෙන්ම දැණුමද හැමවිටම තාරුණ්‍යයේ රඳවා ගන්නට සමත් රන්ජන් පරණවිතානගේ අනාගත භාවිතාවන් ලංකාවේ ක්‍රිකට් ප්‍රමුඛ සියලු ක්‍රීඩාවන්ට මඟ පෙන්වන තරු වැලක් වේවා යන්න අපේ පැතුමය.

නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...