උද්ධමනයේ වැඩි වීමක්…

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඉකුත් ජනවාරි මාසයේ සියයට 53.2 ක් ලෙස පැවැති මෙරට උද්ධමන අගය පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 53.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි .

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඉකුත් පෙබරවාරි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත් ඉකුත් ජනවාරි මාසයේදී සියයට 53.6 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේදී සියයට 49 ක් දක්වා අඩුවී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ,
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 52.9 ක අගයේ සිට පෙබරවාරි මාසයේදී සියයට 57.4 ක් දක්වා වැඩිවී ඇති බවයි.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ , ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන මෙන්ම දුම්කොල හා මධ්‍යසාර ඇතුළු තවත් භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...