උද්ධමනයේ වැඩි වීමක්…

සටහන – රෂිකා හෙන්නායක

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඉකුත් ජනවාරි මාසයේ සියයට 53.2 ක් ලෙස පැවැති මෙරට උද්ධමන අගය පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 53.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි .

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඉකුත් පෙබරවාරි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත් ඉකුත් ජනවාරි මාසයේදී සියයට 53.6 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේදී සියයට 49 ක් දක්වා අඩුවී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ,
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 52.9 ක අගයේ සිට පෙබරවාරි මාසයේදී සියයට 57.4 ක් දක්වා වැඩිවී ඇති බවයි.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ , ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන මෙන්ම දුම්කොල හා මධ්‍යසාර ඇතුළු තවත් භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...