චූලානන්ද සමරනායකගේ නවතම පරිවර්තන කෘතිය ජනගත කිරීම අද

Date:

ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා විසින් පරිවර්තනය කරන ලද “රුහිරු විකුණා යැපුණු මිනිසෙක්” (Cronicle of a Blood Merchant by Yu Hua) කෘතිය ජනගත කිරීම 2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 02.00 ට රාජගිරිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා විසින් එහි ආරාධිත දේශනය සිදුකිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් චූලානන්ද සමරනායක සියල්ලන්ට ආරාධනා කරයි.

“මුහුදටත් කිඹුළො පනිනකොට
මෝරු හිඟ වෙයිද දියවන්නාවට
මෝරු, කිඹුලන්ගෙන් බේරිලා
එන්න හැකි වෙයිද රාජගිරියට

වැඩේ ඇරඹුම හරියට දෙකට
ඉවර වෙනවා නිසැකවම හතරට
හමුවෙන්න පුළුවන් නම් අපහට
සතුටක්ම වේවි එය ම සිතට

කෝටි පහ හයක් වත් නැති හෙයින ගිණුම් වල
පොතක් අර ගන්න එක අමාරුය දනිමි මම
ඒත් හැකිනම් එන්න එදින හරියට දෙකට
සතුටක්ය එය සිතට නොහැකි මිල කරන්නට”

  • SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...