ජල සම්පාදන සේවකයින් වැඩවර්ජනයේ

Date:

වැටුප් මත බදු අයකිරීම, දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (23) දිනයේදී වැඩවර්ජනයක නිරත වීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සියලුම සේවකයින් වැඩවර්ජනය කරන බවයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ.

මීට සමගාමීව අද දහවල් 12 ට ජල සම්පාදන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බව ඒ මහතා පැවසීය.

මෙම වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම කාර්යාල හා පාරිභෝගික සේවාවන් ඉටු නොවන අතර අයකැමි අංශ ද වසා දැමෙන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...