පොලිස් ඇමතිට එරෙහිව බරපතළ චෝදනාවක් ජනපති වෙතට. ළඟදීම තීන්දුවක් ?

Date:

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට එරෙහිව ඉතාම බරපතළ චෝදනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 3 – 6 අතර මුදලක් බැගින් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙනි.

මීට හොඳම උදාහරණයක් වශයෙන් කොස්ගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් මාරුකර යැවීමේ සිද්ධිය දක්වා ඇති අතර එවන් සිදුවීම් තවත් බොහෝ ගණනක් සිදුව ඇති බවත් දැනුම් දී ඇති බව සඳහන්.

පොලිස්පතිවරයා විසින් ද ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මේ තත්වය දිගින් දිගටම සිදුවන්නේ නම් තමන්ට පොලිසියේ විනය ආරක්ෂා කරගැනීමට අපහසු බවයි.

සරත් වීරසේකර මහතා දැනට කොවිඩ් ආසාදිතව IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු සුවය ලැබූ වහාම ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි යනුවෙන් පොලිසියේ විශාල පිරිසක් අපේක්ෂාවෙන් සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...