වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද

සටහන – රෂිකා හෙන්නායක

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබීම හේතුවෙන් , වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවැත්වෙනු ඇති.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ , පවතින ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති දුන් අවස්ථාව රජය අවභාවිත කරන බවයි.තවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද 16 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන අතර , බදු ප්‍රතිපත්තියට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...