සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතයි – සාගල රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ඔහු පෙන්වා දෙන්නේ 2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂ්‍ය වන සේවයක් ලෙස අනුමත කළද එම කාලසීමාව ඉකුත් වී ඇති බවයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ට වසර 60ක සේවා කාලයක නිරතවීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බවටද සාගල රත්නායක මහතා පැවසීය .

එම කටයුතු කිසිවක් වෙනස්වී නොමැති අතර ඉදිරියේදී ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය .

සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටුකරන ලද සේවාව අගය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති ඇගයීම් උළෙලට සහභාගී වෙමිනි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...