තවත් මෙගාවොට් 162ක් අහිමි වෙද්දී විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) දිනයේදී තීන්දු කිරීමට නියමිතව තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අද දහවල් කොමිසම රැස්වී තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීන්දුවක් ගන්නා බවයි.

පසුගිය 25 වනදා මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ සමාලෝචනයට අනුව තීන්දු කර තිබුණේ අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ය.

කෙසේවෙතත් මේ වනවිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අක්‍රිය වී ඇති අතර ඒ නිසා මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතිය අහිමි වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...