තෙල් සංස්ථාවේ තෙල් බෙදීම නවත්වයි – අනපේක්ෂිත වැඩවර්ජනයක් ද ?

Date:

කොළඹ (LNW):ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හදිසියේම ඉන්ධන බෙදා හැරීම නතරකර තිබේ.

ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ සංස්ථා පරිශ්‍රයෙන් පිටව යන ආකාරය දැකගත හැකි විණි..

එම රථ රියදුරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සංස්ථාව විසින් හදිසියේම එම තීරණයට පැමිණ ඇති අතර යළි අද දිනයේ සංස්ථාව විසින් ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවයි.

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛන්ඩ අද (28) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඒ,කැබිනට් මණ්ඩලය විසින් මෙරට වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා විදෙස් සමාගම් 03කට අවසර ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි.

මෙම සමාගම්වලට ලැබෙන බලපත්‍රය මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර20ක කාලයක් සඳහා බලාත්මක බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...