අපේ වැඩ විවේචනය කරන්න පෙර මහපොළොවට බැස යථාර්ථය දෙස බලන්න – සජිත් (VIDEO)

Date:

සමහර පිරිස් සක්වල වැඩසටහන හෑල්ලුවට ලක් කරමින් විවේචනයට ලක් කරන බවත් ඔවුන් මෙය වැඩකට නැති වැඩසටහනක් හා පුංචි මුදලක් ජනතාවට ලබා දී ජනතාව රටවන බව පැවසුවත් ඔවුන්ට කියන්න ඇත්තේ අගනුවර වායුසමීකරණය කළ කාමර ඇතුලේ සිට හුස්ම, සක්වළ වැඩසටහන්වලට විවිධ කතා ගොතනවා වෙනුවට ගමේ පාසල්වලට ගොස් එහි සැබෑ තත්ත්වය දෙස බලන ලෙසට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට, ලුණුගම්වෙහෙර, බෙරලිහෙල විද්‍යාලයේ දී පැවැති සක්වල වැඩසටහනේ තවත් අදියරකට සහභාගී වූ අවස්ථාවේදීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 24 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර විසි තුනකදී සක්වල හරහා රුපියල් ලක්ෂ 18,805,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

මැතිවරණ වේදිකාවල නව තාක්ෂණ හා ඩිජිටල් විප්ලව ගැන කතා කළත් එය මහපොළොවේ යථාර්ථයක් කිරීමට ඔවුන්ට අදහස් නොමැති බවත් ඔවුන්ගේ දුවා දරුවන්ට ඇති තරම් පරිගණක, අයිපෑඩ් ආදිය තිබෙන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ඩිජිටල් විප්ලවය මහපොළොවේ යථාර්ථයක් වීම අවශ්‍ය බවයි.

රටේ රජයේ පාසල් 10155ක් පවතින බවත් එම පාසල් සියල්ල තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පරිවර්තනය කිරීමේ පුංචි පියවරක් ලෙස සක්වළ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටක ආර්ථික වර්ධනයත් රටේ අධ්‍යාපනයත් අතර සමීප සම්බන්ධතාවක් ඇති බවත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක ආර්ථීක දියුණුව නවතාලීමට කිසිදු බලවේගයකට නොහැකි බවත් ය.

එසේ ම දුප්පත්කම පෝසත්කම නැතිකම ඇතිහැකි කම වගේ සමාජ බෙදීම් තිබෙන අප සමාජයේ අධ්‍යාපනයේ බෙදීමක් තිබීම තිබෙන බවත් ඇති හැකි අය ජාත්‍යන්තර පාසල් පෞද්ගලික පාසල්වලට ගොස් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය ආදිය හැදැරුවත් රජයේ පාසල් තුළ ඇත්තේ පැරණි විෂය නිර්දේශ බවත් ඒ නිසා අහිංසක පවුල්වල දුවාදරුවන් තවදුරටත් අසරණ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. එබැවින් මෙම අධ්‍යාපනයේ බෙදීම අවසන් කිරිමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...