*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

කමලා හැරිස්ගේ ඝානා සවාරිය; ඉතිහාසය ප්‍රතික්ෂප කළ නොහැක, එය ඉගෙනිය යුතුයි.

පසුගිය දා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස්, ඝානාවේ සංචාරය කළ අතර වචනයේ පරිසමාප්තයෙන්ම එය වැඩෙමින් පවතින චීන රුසියානු බලයට වොෂින්ටවයේ ආකර්ෂණීය පහරක් විය.

මෙහිදී ඇය විසින් ඇක්රා අගනුවර දහස් ගණන් තරුණ ඝානා වැසියන්ට කාන්තා සවිබල ගැන්වීම පිළිබඳව දේශනයක් පැවැත් වූ අතර අවසානයේ 17 වන සියවසේ කේප් කෝස්ට්හි වහල් බලකොටුවක සංචාරය කරනු ලැබීය. එය අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාම අතරතුර ක්‍රියාත්මක වූ බොහෝ වෙරළබඩ ගොඩනැගිලිවලින් එකක් වන අතර, එය ප්‍රධාන වශයෙන් මධ්‍යම හා බටහිර අප්‍රිකාවෙන් මිලියන 12.5 ක ජනතාවක් විකුණන ලද ස්ථානයකි.

1957 දී ඝානාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කළ ස්ථානයේ ඉදිකරන ලද ස්මාරකයක් වන බ්ලැක් ස්ටාර් ගේට් ඉදිරිපිට කරන ලද කතාවකදී හැරිස් පැවසුවේ සියවසේ මැද භාගය වන විට ලෝකයේ පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකු අප්‍රිකානු ජාතිකයෙකු වනු ඇති බවයි. ඒ අනුව ඇමරිකානු ජනතාව සහ ලොව පුරා සිටින ජනතාව සඳහා ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයක් සහ අවස්ථා විවෘත කරන අප්‍රිකානු දක්ෂතාවය සහ නිර්මාණශීලිත්වය සඳහා අපි ආයෝජනය කළ යුතු බව මෙහිදි ඇය විසින් පවසා තිබිණ.

කමලා හැරිස් අප්‍රිකාවේ ගැඹුරු ස්ත්‍රී පුරුෂ විෂමතා අවධාරණය කරමින්, එම හිඩැස් වැසීමට එක්සත් ජනපදය අප්‍රිකානු හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බව පැවසූ අතර කාන්තාවන් ව්‍යවසායකයින් වන නමුත්, ප්‍රාග්ධනයට සහ වෙළඳපොළට සීමිත ප්‍රවේශයක් ඇති බවත්, ඔවුන් සාමය ඇති කරන්නන් සහ පාලම් සාදන්නන් වන මුත් තීරණ ගන්නා මේසයේ තවමත් අඩුවෙන් නියෝජනය වන බව අවධාරණය කරනු ලැබීය.

කේප් කෝස්ට්හි වහල් බලකොටුවට පැමිණි කමලා හැරිස් එහි සිදු වූ අපරාධ හේතුවෙන් අතිශය කම්පනයට පත් වූ බව වාර්තා වේ. මෙම ස්ථානයට පැමිණි බොහෝ දෙනෙක් කුස ගින්නෙන් වද හිංසාවන්ට ලක්වූ බවත්, ලේ වැගිරුණු අපරාධ මෙහි සිදු වූ බවත්, කාන්තාවන් ලිංගික වහලුන් ලෙස විකිණුනු බවත්, මෙලෙස ඉතිහාසයේ සිදු වූ භීෂණය ප්‍රතික්ෂප කළ නොහැකි බවත්, එය ඉගෙනිය යුතු බවත්, ඇය මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඉතිහාසයේ සිදු වූ නින්දිත වැරදි පිළිගැනීමට එවන් හෘද සාක්ෂියක් පැවතීම ප්‍රමාණවත් නොවෙද ?

සටහන- සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan