රගර්වලට ඉහළට යන්න මඟ පෙන්වන්නන් සොයයි

Date:

ශ්‍රී ලංකා රගර් පුහුණුකරුවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය බඳවා ගැනිමට අයදුම්පත් කැදවා ඇත.ඒ අනුව පිරිමි රග්බි කණ්ඩායමේ දක්ෂතා ඉහළ නංවාලීම සඳහා සම්බාහන විශේෂඥයකු, භෞතචිකිත්සකවරයකු සහ ශක්ති වර්ධන සහ යෝග්‍යතා පුහුණුකරුවෙකු යොදා ගැනීමටත්, ප්‍රධාන පුහුණුකරුවෙකු, සහාය පුහුණුකරුවන් බඳවා ගැනීමටත් අවශ්‍යය සුදුසුකම් සමඟ අයදුම්පත් අපේක්ෂා කෙරේ.

වසර කිහිපයක සිට නව අනුග්‍රාහකත්වයන් රගර් ක්‍රීඩාව වෙත ගෙන එමින් සහ රගර් ක්‍රීඩාවේ තාක්ෂණික ගුණාංග සහ ක්‍රීඩා රටාවේ නව්‍යකරණය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන වත්මන් රගර් පරිපාලනයට නායකත්වය දෙන රිස්ලි ඉල්ලියාස් ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලද මෙම බඳවා ගැනීම් වෙනුවෙන් වෙන වෙනම ඒ ඒ වෘත්තියට අපේක්ෂිත සුදුසුකම් පහත දැක්වේ.

ප්‍රධාන පුහුණුකරු
*ලෝක රග්බි මට්ටමේ තෙවන පෙළ සහතිකය තිබිය යුතුය
* ජාතික නියෝජනයක් තිබිය යුතු අතර ජාතික කණ්ඩායමක්, ක්‍රිඩා සමාජයක් හෝ පාසල් කණ්ඩායමක් පුහුණු කර තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.
* SLR විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට යටත්ව බඳවා ගැනීම්

පසු පෙළ පුහුණුකරු:
*ලෝක රග්බි මට්ටමේ දෙවන පෙළ පුහුණු කිරීමේ පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා තිබිය යුතුය.
* ජාතික නියෝජනයක් තිබිය යුතු අතර ජාතික කණ්ඩායමක්, ක්‍රිඩා සමාජයක් හෝ පාසල් කණ්ඩායමක් පුහුණු කර තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.
* SLR විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට යටත්ව බඳවා ගැනීම්.

පෙර පෙළ පුහුණුකරු –

භෞත චිකිත්සක –
*World Rugby FAIR Level 2 සහ NVQ Level 4 සුදුසුකම් ලබා තිබිය යුතුය
*ජාතික/ප්‍රමුඛ පෙළ සමාජයක හෝ පාසල් කණ්ඩායමක කටයුතු කළ බවට භෞත චිකිත්සකයා ලෙස ඔප්පු කළ වාර්තාවක්
* SLR විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට යටත්ව බඳවා ගැනීම්

සම්භාහක
*World Rugby FAIR Level 1 සහ NVQ Level 4 සුදුසුකම් ලබා තිබිය යුතුය
*ජාතික/ප්‍රමුඛ පෙළ ක්‍රිඩා සමාජයක හෝ පාසල් කණ්ඩායමක සම්භාහකයෙක් ලෙස කටයුතු කළ බවට ඔප්පු කළ වාර්තාවක් තිබිය යුතුය.
* SLR විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට යටත්ව බඳවා ගැනීම්

ශක්ති වර්ධන සහ යෝග්‍යතා පුහුණුකරු-
*World Rugby Strength and Conditioning Level 2 සහ World Rugby FAIR L 1 සුදුසුකම් ලබා තිබීම
* ක්‍රිඩා සමාජයක හෝ පාසල් කණ්ඩායමක ශක්ති වර්ධන සහ යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කළ බවට ඔප්පු කළ වාර්තාවක් තිබිය යුතුය..

ශ්‍රී ලංකා රග්බි සංගමය නිශ්චිතව දක්වා ඇති ඉහත ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට යටත්ව බඳවා ගැනීම් සිදු කෙරෙන අතර එම තනතුරු සඳහා සුදුසුකම් ඇති පිරිස් වෙත සිය අයදුම්පත් 2023 අප්‍රේල් 7 වන දිනට [email protected] වෙත යොමු කරන මෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනය ඉල්ලා සිටියි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...