ජෝර්ජ් මයිකල්ගේ ‘කෙයාර්ලස් විස්පර්’ YouTube නැරඹුම්වාර බිලියන 1ක් ඉක්මවයි!

Date:

“ජෝර්ජ් මයිකල්” එකළ හොලිවුඩය කැළඹවූ ඒ අසහාය හඬ පෞරුෂය මෙලොවින් නික්ම ගියත් ඔහුගේ මතකයේනම් කිසිඳු අඩුවක් වී නොමැති බවනම් සැබෑවක් ය. ඊට කදිම නිදසුනක් මේ වන විට ඇසින් දුටුකළ බලා ගැනීමට හැක. ඔහුගේ ජනප්‍රිය ගීත පට අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් “Careless Whisper” මේ වන විට YouTube කළඹමින් නරඹන්නන්ගේ වැඩි ප්‍රතිචාර මත බිලියනය ඉක්මවීමට සමත් විය.

Careless Whisper, මුලින් නිකුත් කරන ලද්දේ Wham! හි ඇල්බමය වන “Make It Big” තුළින් ය. 2023 දී YouTube හි දෛනික බැලීම්400,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් කරමින් මේ වන විට YouTube හි පෙරමුණ ගැනීමට මෙම නිර්මාණය සමත්කම් දක්වා ඇත.

මෙලෙස අධික නැරඹුම්වාර සමඟින් මෙලෙස බිලියන ගණන් පසු කළ 80 දශකයේ 8 වැනි ගීතය ද මෙය වේ. Miami හි රූගත කරන ලද “Careless Whisper” සඳහා මුල් සංගීත වීඩියෝව අධ්‍යක්ෂණය කරන ලද්දේ චිත්‍රපට නිෂ්පාදක ඩන්කන් ගිබින්ස් විසිනි.

2016 දී මෙලොවින් ඔහුගේ හඬ වියැකී ගියත් බ්‍රිතාන්‍යයේ පොප් සංගීතය කුල්මත් කළ මයිකල් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඇල්බම මිලියන 100 කට වඩා අලෙවි කිරීමට ද සමත්කම් දක්වා තිබේ.

වියැකී ගියත් මතකයේ රැඳි මිනිස්සු සඳා අමරණීය ය.

Instrumentality

සටහන – නිපුනි ලියනගේ



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...