*
Saturday, November 2, 2024
spot_img

Latest Posts

සම තැන ඉල්ලන රිට තව සෙන්ටි මීටරයක් උඩට

මේ මොහොතේ ක්‍රියාත්මක 53 වන අන්තර් රෙජිමේන්තු යුද හමුදා මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකා රිටි පැනීමේ වාර්තාව සෙන්ටි මීටර් 1 න් ඉහළට ඔසවා තබන්නට යුද හමුදා සේවා බලකායේ එරංග ජනිත්ට හැකි විය.ඒ අනුව ඒ පුවිතරන් සතුව තිබුණ මීටර් 5.15 ක රිටි පැනිමේ ශ්‍රී ලංකා රිටි පැනිමේ නව වාර්තාවේ හිමිකාරීත්වය එරංගට පැවරෙනු ඇත.

නමුත් මේ වාර්තාගත පිමිම පනින මොහොතේ ආසියානු තේරීම් තරගවලින් රිටි පැනිම සුදුසුකම් ලැබීමට නොහැකි ඉසව්වක් සේ සළකා ඉවත් කර ඇත.ඒ පළමු තේරීම් තරගාවලියේ දී එම ඉසව්ව සඳහා වාර්තා වූ හොඳම පිමිම මීටර් 4.70 ක් වූ බැවින් ය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ කරුමය වන්නේ මේ ආකාරයට ඉසව් අත හැරි දැමීමය.දිනන්නට බැහැ වැඩක් නැහැ සේ ඒ ආකාරයට අත හැර දමන නිසාම එම ඉසව්වන් හී නියැලෙන ක්‍රීඩක ක්‍රඩිකාවන්ට උරුම කඳුළු සහ කළකිරීම් පමණි.ඒවා උසස් තත්ත්වයට ගෙන ඒම පසෙක ලා එම ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒවා උසස් තත්ත්වයට ගෙන තරග වඳින්න යැයි කීම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලධාරීත්වයේ තරමය.මේ නිසා මේ ආකාරයට කොන් කර අවස්ථාවක් නොදි අත හරින ඉසව්වල ක්‍රීඩික ක්‍රීඩිකාවන් සිය අනේක විද කැපකිරීම්වලට ප්‍රතිපලයක් නොමැති තැන රට අත හැර යාමට පෙළඹෙති.උදාහරණයකට තවමත් රිට පැනිය හැකි ශ්‍රී ලංකා වාර්තා ලාභිණිය මේ වන විට සිටින්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් හැටියට ය.

ඒවා ගැන හාංකවිසියක් නැති ක්‍රීඩා ඇමති, රටේ ක්‍රීඩාව ජාත්‍යන්තර හැඩයට ක්‍රියාත්මක නොකර, ඇමති අණට වැඩ කළ හැකි කෙවිටක් ඉල්ලමින් රටේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් විහිළුවක් බවට පත් කරමින් සිටියි.පොළොන්නරුවෙන් ලැබූ ජනතා මනාප ප්‍රමාණයට අනුව ලෝකය සකස් කර ඇති පොදු නීතිමය තත්ත්වයන්ට අනුව නොව,ලංකාවේ ක්‍රීඩාවේ සර්වබලධාරී දෙවියන් තමන් විය යුතුය වැනි හැඟීමකින් ක්‍රියා කරන රොෂාන් රණසිංහ මේ වන විට රට නොව ලොවම පටලාගෙන සිටියි.
එරංග ගැන අප වෙනම සටහනක් ඉදිරියේ දි තබන්නට බලාපොරොත්තු වන්නෙමු.නමුත් මේ මොහොතේ වැදගත්ම දේ රිට ගැන කතා කිරිමටය.එය ඉදිරියට නොයන ප්‍රධාන හේතුව ඊට වැඩි තරගකාරී අවස්ථා නොදෙන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීහූ අත හැර දැමීමය.අපහසුවෙන් අවස්ථා දිනා ගත් අවස්ථාවල එය දකුණු ආසියාතික තරග රන් පදක්කම් පවා දිනා ඇත.දක්ෂතා සඳහා වැඩි අවස්ථාවන් තරග කිරිමට අවශ්‍යය බව සිද්ධාන්තයක් වුව රිටට පයින් ගසා එය මලල ක්‍රීඩා ඉසව්වක් සේ නොසළකා කටයුතු කරන මලල ක්‍රීඩා බලදාරීන් රට තුළ පැවත්වෙන තේරීම් තරගවලිනුත් රිටි පැනීම වීසි කර දැමූ විට මේ ඉසව්ව රට තුළ වර්ධනය වන්නේ කෙසේ ද?

මේ ඉසව්ව පසුපස දැවන්ත පුහුණු චරිත නැත.හැබැයි දැවන්ත කැපකරිම් කරන පුහුණුකරුවෝ සිටිති.තනිවම දැණුම එකතු කරමින් තමන්ගේම නිවස අවට පුහුණු මධ්‍යස්ථානයක් කර ගනිමින් ඊට අවශ්‍යය උපකරණ නිර්මාණශීලි මනසින් සකස් කර ගනිමින් මේ වන විට මෙම ඉසව්ව පවත්වාගෙන යන්නට කැප වෙන ප්‍රධානම පුහුණුකරුවා සනත් ගුණරත්නය.සාමාන්‍ය නිලධාරියෙක් සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින ගුණරත්න පිළිගත හැකි පුහුණුකරුවෙක් නොවන්නට සමහර විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන්ට ඊට වඩා ඉහළ තනතුරු තිබීම හේතුවක් වන්නට ද පුළුවන්ය.
සිවිල් සමාජයේ පුද්ගලයෙක්නම් කරට අත දමා කතා කර දිරි දෙන්නට අහිතක් නැතත්,නිල ඇඳුම්ලාභීන් දක්ෂතා මත ඒ ආකාරයට වැළඳ ගන්නට ඇඳුමේ ඉහළ සහ පහළ තත්ත්වයන්ද බලපානවා වෙන්නට ඉඩ ඇත.ඒ නිසා එම ඉසව්වේ වැදගතකම ගැන ගුණරත්නලාට කතා කරන්නට ද දුරක් තියාගෙන කටයුතු කිරීමට වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඛේදවාචකයක්ය.

අඩුම තරමේ මලල ක්‍රීඩා ඉසව්වක් සේ සළකා රිට පැනීමේ ඉසව්වට තරග කිරිම සඳහා සම අවස්ථාවක් ලබා දීම හෝ මලල ක්‍රීඩා බලධාරීන් මඟ හැරිම ක්‍රීඩාවේ ඛේදවාචකයක්ය.ලංකාවේ මේ ඉසව්ව පැවත්විය හැකි ස්ථාන ද නිසි පරිදි නැති වටපිටාවක මලල ක්‍රීඩා බලධාරීන් එම ඉසව්වේ නොනැගිටීමට එය හේතුවක් සේ පෙන්වා දෙමින් ක්‍රීඩා පරිපාලනය සමඟ එම අවස්ථාවන් වැඩි කිරිමට තරග කළ යුතුය.තර්ක කළ යුතුය.නමුත් සිද්ධ වන්නේ පැවත්වෙන අවස්ථාවන්වලින් ද ඉසව්ව පිටමං කර එම ඉසව්වේ නැඟිම තව දුරටත් දුර්මුඛ කිරීමය.අප පවසන්නේ සියලු ඉසව්වලට වරප්‍රසාද බෙදා දීමේදි ජගත් මලල ක්‍රීඩා ලකුණු සටහන අනුව සළකා රිටි පැනිමට යම් අඩු වරප්‍රසාදයක් දුන්නාට කම් නැත.නමුත් නොකඩවා ඔවුන්ට තරග අවස්ථාවන් ලබා දිම මලල ක්‍රිඩා ඉසව් බලධාරීන්ගේ යුතුකම සහ වගකීමය.ඉසව් තෝරා බේරා සැළකිම අත හරින්න.රටේ යම් මලල ක්‍රීඩා ඉසව්වක් අතෘප්තිමත් සහ පහත මට්ටමක තිබෙනවානම් එය නොතකා හැරිම මලල ක්‍රිඩාවේ වගකීම නොවේය.එම තත්ත්වයට ද මලල ක්‍රීඩා බලධාරීන් වගකීමෙන් බැඳෙන්නේය.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan