*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සිංහල සාහිත්‍යයට මාටින් වික්‍රමසිංහ..!  සිංහල දේශපාලනයට රනිල් වික්‍රමසිංහ ? – තාරක ලියයි 


මේ මාතෘකාව එකපාරටම දැක්කම ප්‍රගතිශීලියකුට තරහ යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඉවසීමෙන් කියෙව්වොත්, වෙනස් අදහසක් හොයාගන්න පුළුවන්. 

මාටින් වික්‍රමසිංහ කිව්වම, ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන ජීවියකු තුල එක්වරම ඇතිවෙන්නේ ගෞරවාදරයක්. ඒත් රනිල් වික්‍රමසිංහ කිව්වම ඇතිවෙන හැඟීම ඊට පරස්පරයි. 

ඒත් අපි මෙතැනදී අවධානය යොමු කරන්නේ ආදරය – අනාදරය හෝ ගෞරවය – අගෞරවය වැනි හැඟීම් සම්බන්ධයෙන් නොවෙයි. අපේ අවධානය යොමුවන්නේ තාක්ෂණික කෝණයකිනුයි. 

සිංහල සාහිත්‍යය සමස්තාර්ථයෙන් කියවන්නකුට මාටින් වික්‍රමසිංහ මගහැර යන්න බැහැ. මාටින් වික්‍රමසිංහගේ දෘෂ්ඨිය, ආකෘතිය සහ සාහිත්‍යික උපාය මාර්ග අධ්‍යයනය කරන්නකුට සිංහල සාහිත්‍යයේ විශාල පදාසයක් අවබෝධ කරගන්නට පුළුවන්. ඒක අතිශයින්ම තාක්ෂණිකයි.

ඒ උදාහරණය අප ගෙනෙන්නේ `මේ මොහොතේ ලාංකේය දේශපාලනය තේරුම් ගැනීම`ට අදාළ යතුරක් හොයාගැනීමටයි.

වර්තමාන දේශපාලන මොහොත තේරුම් නොගෙන ඊළඟ දේශපාලන මොහොත නිර්මාණය කරන්නට බැහැ. තවත් ආකාරයකට කියනවානම්, ඊළඟ දේශපාලන නිමේෂය ප්‍රගතිශීලී දිශාවකට හැරවීමට කවුරුන් හෝ කල්පනා කරනවානම්, මේ නිශ්චිත දේශපාලන මොහොත හැකිතාක් නිවැරදිව කියවා ගත යුතුයි. 

`මේ නිශ්චිත දේශපාලන මොහොත` කියවා ගැනීමට උදව් දෙන මාපකයක් අප ඉදිරියේ තියෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. දක්ෂිණාංශික – ප්‍රතිගාමී, රනිල් වික්‍රමසිංහ. 

අතෙකින්, කොන්සර්වේටිව්වාදයත්, තවත් අතෙකින් ලාංකේය වැඩවසම් උරුමයත් ගෙන සිටින ඔහු, ධනවාදය කෙරෙහි පෙමින් බැඳුනෙක්. ඓන්ද්‍රීයවම පවත්නා ක්‍රමයේ ආරක්ෂකයෙක්. ඔහුගේ දෘෂ්ටිවාදයේ ජාත්‍යන්තර ස්වාමිවරුන්ගේ සුවච කීකරු සුරතලෙක්. දේශපාලනය නමැති ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කළ සහ එය නිරන්තරයෙන් එන්ජෝයි කරන කෙනෙක්. 

හැබැයි මතක තියාගන්න. ඔහු සුපර් මෑන් නොවෙයි.  

අපේ යෝජනාව නම්, ඔහුව වැඩි වැඩියෙන් අධ්‍යයනය කළ යුතුයි. ඔහුගේ සීරු මාරුවීම් ගැන ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඔහුගේ ප්‍රකාශ යට ඇති හැඟවුම් අවබෝධ කරගත යුතුයි. ඔහුගේ වාක්‍යවල පේළි අතරත් අකුරු අතරත් ඇති අර්ථයන් තේරුම් ගත යුතුයි. 

මේ සියල්ල කළ යුත්තේ, ඔහු වන්දනා කිරීමට නොව, ඔහු තෝරන උපායමාර්ගයන්ට එදිරිව ප්‍රති උපායමාර්ගයන් තෝරා ගැනීමටයි. 

ප්‍රගතිශීලීත්වයේ දිශාවට රට හැරවීමට අවශ්‍ය උපාය මාර්ග තෝරන්නකු, රනිල්ගේ දේශපාලන චලනයන් දෙස හොඳින් ඇස ගසාගෙන සිටිය යුතුයි. 

2021 අග භාගයේ  ඔහු නිකම්ම නිකම් රනිල් වික්‍රමසිංහ. ඒ දවස්වල ඔහු කිව්වා ආර්ථික අර්බුදය උග්‍ර වෙනවා. ජන නැගිටීම් එනවා. “මෙහෙම ගියොත් මිනිස්සු පාර්ලිමේන්තුවටත් ගහයි“.. ඔබට මතකද ?

2022 සිද්දවුනේ මොකක්ද කියා ඔබ දන්නවා. 

ඒ රනිල් වික්‍රමසිංහ දැන් අනුප්‍රාප්තික ජනාධිපති. 

ඊයේ පෙරේදා ඔහු කියනව, “ව්‍යුහාත්මක වෙනස්කම් නොකළොත් ඊළඟ නැගිටීම වඩාත් ප්‍රචණ්ඩ වෙයි“ කියල.  ඒ වගේම එයා කියනවා, “රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි“ ලු. 

හරි. මොනවද මේ ව්‍යුහාත්මක වෙනස්කම් ? වෙන මොනවත් නෙමෙයි, පුළුවන්තරම් රාජ්‍ය දේපළ විකුණන එක. දැනට රජය යට‍තේ තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, ඉන්ධන ආදී සේවා වහ වහා පෞද්ගලීකරණය කරමින්, කීයක් හරි ඉක්මනට හොයාගන්නයි එයා හදන්නේ. 

සැලසුම්ගත ආර්ථිකයකින් නිෂ්පාදනය නංවලා,  ඉතුරුම් වැඩිකරලා, විදේශ සංචිත තරකරලා, ආර්ථිකයට පැලැස්තර නොදා ස්ථාවර කරන, දිගුකාලීන උපාය මාර්ග එයාගේ පොතේ නැහැ. 

“මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුනොත් උන් කැරලි ගහයි. ඒක නිසා මොනවහරි තියෙන දෙයක් විකුණලා, මිනිස්සුන්ගේ අතට කීයක්හරි ලැබෙන්න සැලැස්සුවොත් කැරලි ගහන එක පැත්තක දාල උන් ආතල් එකේ ඉඳියි.“

ඔන්න ඕකයි එයාගේ චින්තනය. ඕක තමයි එයාට ජයවර්ධන මාමා උගන්නපු චින්තනය. ඔය චින්තනයේ තව යටට යනකොට හම්බවෙන්නේ අන්ධකාරය. ඒ මෙහෙමයි. 

“කොහොමත් අපේ සිස්ටම් එක කාලෙන් කාලෙට අර්බුදයට යනවා. ඒ වෙලාවට කෙක්කෙන් හරි කොක්කෙන් හරි වැඩේ කළමනාකරණය නොකළොත්, රාජ්‍ය බලය නිර්ප්‍රභූ සෙට් එකක් අතට යනවා. වාම ප්‍රගතිශීලී නිර්ප්‍රභූ සෙට් එකක් බලයට පත් වුණොත් ඉතින් සොරිම තමයි. ප්‍රභූ තන්ත්‍රයට එන විරෝධය බැලන්ස් කරන්න නම්, ජයවර්ධන යුගයේ ප්‍රේමදාස ගෙනාවා වගේ පවතින ක්‍රමයට හීලෑ නිර්ප්‍රභූවෙක් ගේන්න ඕන. කැරැල්ලක් ආවත් ඌ ලව්වම මර්දනය කරවන්නත් පුළුවන්. එහෙම එකෙක් හැදෙනකම්, මේක අල්ලගෙන ඉන්න ඕන. අල්ලගෙන ඉන්න නම්, තියෙන දෙයක් විකුණලා සල්ලි ටිකක් මිනිස්සුන්ගේ අතට යවන්න ඕන. ඒ සෙල්ලම ඉවර වෙනකම් ඡන්ද නෑ. මේ සෙල්ලමට බාධා කරන උන්ට පෝරියල් එක දෙන්න ඕන. පෝරියල් අංශ ශක්තිමත් කරන්නේ ඒකටයි. අතීත එක්ස්පීරියන්ස් එක වැදගත් වෙන්නේ ඒකටයි.“

දේශපාලනය තිතට කියවාගත්තොත් තිතට කරකවන්න පුළුවන්. අදට මේ ඇති. අනෙක් ටික අනෙක් දවසේ. 

– තාරක 
2023 මාර්තු 31

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan