ගෝඨාභය පැන්නුවා වගේ IMF එකත් පන්නන්න ඕනේ! (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ පැන්නු ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැමිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය යනු ප්‍රාතිහාර්යයක් නොව රටට තිබෙන ලොකුම හෙනය බවයි ඔහු සඳහන් කරන්නේ.

IMF කොන්දේසි වලට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් රාජ්‍ය දේපල විකිණීමට අදාළ කටයුතු සිදුකරමින් සිටින අතර විපක්ෂයද IMF ඉදිරියේ තොත්ත බබාලා බවට පත්ව සිටින බවයි මුදලිගේ පවසන්නේ.

IMF නිසා ඩොලර් හම්බවුණා කියා ආර්ථික ප්‍රශ්න විසඳිලා කියලා මතයක් නිර්මාණය කරනවා. සල්ලි කාබාසිනියා කරපු නිසයි අද ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ. රටේ දැවැන්ත ආර්ථික කොල්ලයක් නිසා රට බංකොලොත් වුණා. IMF නිසා ප්‍රශ්න විසඳෙනවා කියලා බොරු මතයක් හදනවා..විපක්ෂය IMF ගැන ස්ථාවරය ජනතාවට කියන්නේ නෑ.. බදු බර නිසා ජනතාවගේ දේපල සියල්ල විකුණන්න යනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...

හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක්...