ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජනපති රනිල් අතර හමුවක්

Date:

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ පසුගියදා (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම භාරත් ලාල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබේ.

මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමෙන් ඉන්දියාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙන බව ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී භාරත් ලාල් මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...