IORA සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගීතා වැඩමුළුව සාර්ථකව නිමාවේ

ජාත්‍යන්තර සාමය හා නීතියේ ආධිපත්‍යය සඳහා වන මැක්ස් ප්ලාන්ක් පදනම සහ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමඟ එක්ව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද “සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගීතාව” නමැති තෙදින වැඩමුළුව 2023 මාර්තු 23 වැනි දින නිමාවට පත්විය.

දේශීය නීති සහ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) අතර පවත්නා හිඩැස් හඳුනාගැනීම සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මෙම වැඩමුළුව හරහා සපයන ලදී. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ කේන්ද්‍රීය මධ්‍යස්ථාන වන ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, සීෂෙල්ස්, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, තායිලන්තය, යේමනය යන රටවල නියෝජිතයන් සහ විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිලධාරීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සංවාද හවුල්කරුවන් වන ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නියෝජිතයෝ ද මෙම වැඩමුළුව සඳහා අතථ්‍ය අයුරින් සහභාගී වූහ.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ (UNSW) නීති පීඨයේ මහාචාර්යවරියක් සහ ජාත්‍යන්තර නීති සංගමයේ ඕස්ට්‍රේලියානු ශාඛාවේ සභාපතිනිය වන නැටලි ක්ලෙයින්, මැක්ස් ප්ලාන්ක් පදනමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වන ඒරන් එන්. හොනිබෝල්, මැක්ස් ප්ලාන්ක් පදනමේ පර්යේෂකයකු වන ඉගොර් එස්. ෆෙඩොරොෆ්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ (GMCP) වැඩසටහන් සහය නිලධාරිනියක වන අස්යුරා සාලේ යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ විශේෂඥයින් පිරිසක් විසින් මෙම සැසිය මෙහෙයවන ලදී.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් 2023 මාර්තු 20 වැනි දින ආරම්භ කරන ලද සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ක්‍රියාකාරී කණ්ඩායමේ 3 වැනි රැස්වීමට සමගාමීව මෙම වැඩමුළුව පවත්වන ලදී. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොළඹ පදනම් කරගත් සංවාද හවුල්කාර රටවල්, විදේශ කටයුතු අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, මැක්ස් ප්ලාන්ක් පදනමේ නිලධාරීහු මෙන්ම GIZ හි නියෝජිතයෝ ද එම රැස්වීම සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 27 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...