ආසියානු සංවර්ධන බැංකුවෙන් නිගමනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවයි .ඔවුන් පෙන්වා දෙන්නේ 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවයි .ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ , 2022 වසරේ දී මෙරට ආර්ථිකය 7.8%කින් හැකිළීමට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී ද සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බවයි .2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ඔවුන් පවසයි.ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී ඇත්තේ 2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බවයි .වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව එලෙස දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ දී නිසි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ඔවුන් පවසයි.ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් මහතා පෙන්වාදී තිබෙන්නේ , ආර්ථිකය යළි ප්‍රකෘත්මත්භාවයට පත්කිරීම දීර්ඝ කාලීන පියවරක් වනු ඇති අතර එම ක්‍රියාවලියේ දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් වන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...