පොහොට්ටුවට අද දිට්ඨධම්මවේදනීය කර්මය පලදීලා! (VIDEO)

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයෙන් 40ක් 50ක් යනවා කියන පොහොට්ටුවේ අයට අද දවස වෙද්දී දිට්ඨධම්මවේදනීය කර්මය පල දී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

අද පොහොට්ටුවේ මැති ඇමතිවරු 134කට සිටීමට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාට මහදවාලේ මහ බැංකුව කොල්ල කෑ බවට මොර දීපු පොහොට්ටුවේ අය අද විලිලැජ්ජා නොමැතිව සමඟි ජන බලවේගයට ඇඟිලි දිගුකරමින් සිටින බව විජේසිරි මහතා කියාසිටියි.

සමඟි ජන බලවේගයෙන් එනවට වඩා වැඩි ප්‍රමාණයක් පොහොට්ටුවෙන් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට වැටී ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.

” ඒ නිසා උඩ බලාගෙන කෙල ගහන්න එපා. රටට යහපත්ක වෙනවා නම් කළ යුතු සාධාරණ මැදිහත්වීම සමඟි ජන බලවේගය තුළ කරන්න සූදානම් කියන කාරණය අපි කියනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව උදව් ඉල්ලුවා උදව් කළා.රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කාලේ උදව් ඉල්ලුවා උදව් කළා.ජනාධිපති හැටියටත් අපි එතුමාට කියනවා උදව් ඕන නම් කියන්න සමඟි ජන බලවේගයේ කැමැත්ත,සහයෝගය රට වෙනුවෙන් දෙන්න සූදානම්. හැබැයි ආණ්ඩුවට ඇවිත් නෙවෙයි විපක්ෂයේ ඉදන්මයි.”

ජන වරමක් නැති හොර වරමකින් රටක් කරන හොරු රකින ආණ්ඩුවකට කවුරු හෝ යනවා නම් ඒ තැනැත්තාත් හොරෙක් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...