සිම්බාබ්වේදී දිනුවොත් විතරක් ඉන්දියාවට

Date:

නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): ඉන්දියාවේ පැවත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය නියෝජනය කිරීමටනම් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පැවත්වෙන සුදුසුකම් ලැීමේ තරගාවලියෙන් මුල් කණ්ඩායම් තුන අතරට ආ යුතුය.ඒ කණ්ඩායම් 10 ක් අතරේ පවත්වන තරගාවලියෙන් ය.

තේරීම සඳහා වන තරගාවලිය සිම්බාබ්වේ හී දී පැවත්වෙන්නේ ජූනි 18 සිට ජූලි 9 වන දා දක්වා ය.එම තරගාවලියට ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්,නෙදර්ලන්තය, සිම්බාබ්වේ,නේපාලය,ඕමානය,ස්කොට්ලන්තය,ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සඳහා තරග වැදීමට නියමිතව ඇත.

ඔක්තෝම්බර් 5 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියට මේ දක්වා සෘජුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, නවසීලන්තය සහ පකිස්තානය සුදුසුකම් ලබා ඇත.එහිදී සිම්බාබ්වේ පැවත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයෙන් තවත් කණ්ඩායම් තුනක් මේ සඳහා එකතු කර ගැනීමට නියමිතය.

මෙහිදී ආසියාවේ ටෙස්ට් ජාතීන් අතරින් එක්දින තරගාවලිය සඳහා සුදුසුකම් ලබා නොමැත්තේ ශ්‍රී ලංකාව පමණි.එක්දින ලෝක සූරතාවය මෙන්ම අවස්ථා ගණනාවකදී ලෝක අනු සූරතාවය ද දිනා ඇති ශ්‍රී ලංකාව නියෝජනය කළ සනත් ජයසූරිය සහ ටී.එම්.ඩිල්ෂාන් අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකාවට තරගාවලියේ වීරයා කුසලානය ද දිනා දෙන්නට මැදිහත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...