සිම්බාබ්වේදී දිනුවොත් විතරක් ඉන්දියාවට

නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): ඉන්දියාවේ පැවත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය නියෝජනය කිරීමටනම් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පැවත්වෙන සුදුසුකම් ලැීමේ තරගාවලියෙන් මුල් කණ්ඩායම් තුන අතරට ආ යුතුය.ඒ කණ්ඩායම් 10 ක් අතරේ පවත්වන තරගාවලියෙන් ය.

තේරීම සඳහා වන තරගාවලිය සිම්බාබ්වේ හී දී පැවත්වෙන්නේ ජූනි 18 සිට ජූලි 9 වන දා දක්වා ය.එම තරගාවලියට ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්,නෙදර්ලන්තය, සිම්බාබ්වේ,නේපාලය,ඕමානය,ස්කොට්ලන්තය,ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සඳහා තරග වැදීමට නියමිතව ඇත.

ඔක්තෝම්බර් 5 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියට මේ දක්වා සෘජුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, නවසීලන්තය සහ පකිස්තානය සුදුසුකම් ලබා ඇත.එහිදී සිම්බාබ්වේ පැවත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයෙන් තවත් කණ්ඩායම් තුනක් මේ සඳහා එකතු කර ගැනීමට නියමිතය.

මෙහිදී ආසියාවේ ටෙස්ට් ජාතීන් අතරින් එක්දින තරගාවලිය සඳහා සුදුසුකම් ලබා නොමැත්තේ ශ්‍රී ලංකාව පමණි.එක්දින ලෝක සූරතාවය මෙන්ම අවස්ථා ගණනාවකදී ලෝක අනු සූරතාවය ද දිනා ඇති ශ්‍රී ලංකාව නියෝජනය කළ සනත් ජයසූරිය සහ ටී.එම්.ඩිල්ෂාන් අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකාවට තරගාවලියේ වීරයා කුසලානය ද දිනා දෙන්නට මැදිහත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...