හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල නිශ්ප්‍රභා වෙයි!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): හිටපු දකුණු හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ට එරෙහිව ගොණුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිශ්ප්‍රභා කරන ලදී.

ඒ මෙම පැමිණිල්ලට අදාළව ප්‍රමාණවත් තරම් සාක්ෂි සැපයීමට පැමිණිලිකාර පාර්ශවය අසමත් වී ඇති බවට නිගමනය කරමිනි.

අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය හෙබවූ 2006 – 2015 යන කාලසීමාව තුළ මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පැමිණිලිකාර පාර්ශවය විසින් මෙම පැමිණිල්ල ගොණු කර තිබිණි.

අද දින මෙම පෞද්ගලික පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට අදාළව පැමිණිලිකරු විසින් ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවට කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගෙන, කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතාගේ නියෝගය පරිදි පැමිණිල්ල නිශ්ප්‍රභා කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...