සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබාදී නොමැති බව ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී ඇති අතර, ඒ ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත බව දැනුම් දෙයි.