අද (10) සිට භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර , මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන අතර , එම ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු ජුනි 1වන දා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනයට අදාළ තහනම බලපැවැත් වේ.

ඒ අනුව

ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය තහනම් වන අතර , යෝගට් කෝප්ප හැර එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදියද ආනයනය තහනම් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...