*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අයිපීඑල් මැජික් තරගය

අයිපීඑල් තරග ඉතිහාසයේ සිතා ගන්නට නොහැකි දේම සිඳු වූ තරගය ලෙස 2023 අප්‍රේල් 09 වන දා අහමදාබාද් හී දී නිමාව දුටු ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් තරගය ඉතිහාසයට එකතු වනු සැක නැත.ඒ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ රින්කු සිං අවසාන පන්දු ඕවරයේ අවසාන පන්දු පහට එල්ල කළ හයේ පහර පහ නිසාම පමණක් නොව, තරගය ගලා ගිය රිද්මය නිසාය.

ලකුණු 204 ක ඉලක්කයක් හඹා ගොස් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු තුනක ජයක් අත් කර ගත් ඒ තරගයේ සිඳුවීම් එකතු කර ගත් විට ක්‍රිකට් කෙතරම් අපූරු සිතා ගත නොහැකි දේ වන හෝ කළ හැකි ක්‍රීඩාවක් බවට තරගයේ තිබුණු උදාහරණ ගොන්න “මරු” ය.

පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 204 ක් පන්දු ඕවර් 20 ට ලබා ගත්තේ තරගයේ ජයග්‍රහණය පිළිබඳව ඉහළ විශ්වාසයකට පිවිසෙමින්ය.ඒ සඳහා විජේ සන්කර් නොදැවී 63 ක් සහ සායි සුදර්ශන් ලකුණු 53 න් දායක විය.මේ ලකුණු පූවරුවේ ප්‍රබලතාවය ජයග්‍රාහී එකක් බවට සහතික කරමින් පන්දු ඒවර් 4 ගෙවෙමින් තිබෙන තැන නයිට් රයිඩර්ස් පිළේ ලකුණු පූවරුව කඩුලු දෙකකට ලකුණු 28 ක් බවට පත් වි තිබිණ.
නමුත් හඹා යාමේ දුෂ්කර කටයුත්තට නිර්භිතව මුහුණ දීමේ වගකීම වෙන්කටේෂ් අයියර් (83) සහ නිටේෂ් රානා (45) භාර ගත්තේ තෙවන කඩුල්ලට ලකුණු 100 ක සබඳතාවයක් එකතු කරමින්ය.නමුත් ලකුණු 155 යනු නයිට් රයිඩර්ස් ගමණ සපුරා වෙනස් කර තැනක් විය.ඒ ගුජරාට් නායක රෂීඩ් ඛාන් විසින් තරගයේ 17 වන පන්දු ඕවරය යවමින් එම ඕවරයේ මුල් පන්දු තුනේදි කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම නිසාය.ඇන්ඩෘ රසල්,සුනිල් නාරායන් සහ ෂර්දූල් තාකූර් යන පිත්තෙන් දස්කම් දැක්විය හැකි පිතිකරුවන් තිදෙනාම රශීඩ් ඛාන් ගේ ගුග්ලි පන්දු හමුවේ ගොදුරු බවට පත් වෙද්දි නයිට් රයිඩර්ස් කණ්ඩායමට සිය පිතිකරු බල ඇණියෙන් පිටියේ ඉතුරු වූයේ රින්කු සිං පමණි.

රින්කු වගකීම කරට ගත් බවක් පෙනෙන්නට තිබින.අනිත් කඩුල්ලේ සිටි උමේෂ් යාදෙව්ට කඩුලු ප්‍රමාණය අටක් නොවි තබා ගැනීමේ වගකීම පමණක් ඉටු කරන්නට පැවරූ 19 වන ඕවරයා නිමා වන විට නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය ලකුණු 29 ක් පිටුපසින් තැබීය.අයිපීඑල් දත්ත සටහන්වලින් කියැවුණේ නයිට් රයිඩර්ස් පිළට තරගය ජය ගැනීමේ ඉඩ ඇත්තේ සියයට 1.29 ක් යනුවෙන්ය.ඒවා ඉතිහාසය හා සබැඳී දත්ත ඇසුරෙන් තැනී තිබිණ.අයිපීඑල් තරගයක මෙන්ම වෙනත් විස්සයි විස්ස තරගාවලියකද අවසාන ඕවරයට ලබා තිබුණ ඉහළම ලකුණු ප්‍රමාණය 23 ක් විය.

නමුත් ලකුණු 29 ක ඉලක්කයෙන් පළමු පන්දුවට යාදෙව් ලබා ගත හැකි වූයේ එක ලකුණක් පමණි.ඒ නිසා අවසාන පන්දු පහට හයේ පහර හතරක් සමඟ එක් හතරේ පහරක් හෝ හයේ පහර පහක් අනිවාර්ය වුණා.රින්කු සිං මුල් පන්දු තුනට එල්ල කළ හයේ පහර තුනත් සමඟ කළබල වුණේ පන්දු යැවූ යාෂ් දයාල් පමණ් නොවේ ගුජරාට් ජ්‍යෙෂ්ඨයන් සියල්ලෝමත් කළබල වූහ.නමුත් කුමන සැළසුම් සිඳු කළ ද දයාල්ගේ ඉතිරි පන්දු දෙකද රින්කු නැවතුවේ හයේ සිමාවෙන් එපිටය.

මෙම ප්‍රහාරය ඓතිහාසිකය.නමුත් වඩා වැදගත් වන්නේ පස්වන හයවන සහ හත්වන කඩුලු ත්‍රිත්වයක් සේ බිඳ වැටුණු පසු තමන්ගේ අන්තය බේරා ගෙන පිතිකරුවෙක්ට අන්තිම ඕවරයේ එතරම් විශ්වාසයෙන් පහර දීමට හැකි ද යන්නය.25 හැවිරිදි රින්කු තවමත් අවධානයට ලක් නොවූ වමත් පිතිකරුවෙකි.නමුත් ඔහු කෙතරම් වේගයක් ජවයක් සහිත මෙන්ම ඉවසීමක් සහිත පිතිකරුවෙක්ද යන්න මේ තරගයේදී මනාවට ඔප්පු කළේය.ඔහු පිටියට පැමිණෙන විට ලකුණු 83 ක් ලැබූ අයියර් පිටියේ සිටිය බැවින් රින්කු උත්සාහ කළේ අයියරිගේ ප්‍රවේගකාරී රිද්මය පවත්වාගෙන යන්නට උපකාර කිරිමටය.

නමුත් අයියර්ගේ කඩුල්ල සමඟම පාහේ කඩුලු ත්‍රිත්වයක්ද ගුජරාට් අත්පත් කරගත් පසු වගකිම තමන් මත පටවා ගත් රින්කු යාදෙව් එක පසෙක රඳවාගෙන ක්‍රියා කළ අයුරු අපූරුය.ඔහු අවසන් පන්දු පහට එද්දි පන්දු 16 දී රැස් කර ගෙන තිබුණේ ලකුණු 18 කි.නමුත් තරගය හමාර වන වන විට පන්දු 21 දි රින්කු සිං නොදැවී ලකුණු 48 ක් ලබා ගෙන නයිට් රයිඩර්ස් ජයග්‍රහණයේ වීරයා වන්නේ තව ඉදිරියට ඔහු ගැන කතා කරන්නට පිටු සහ වචන මාධ්‍යයට වෙන් කර තබා ගන්නා ලෙස කරන දැණුම් දීමකින්ය.
ලකුණු විස්තරයට පිවිසෙන සබැඳිය පහත දැක්වෙන අතර ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ රින්කු සිං සහ ඔහු කරමත නංවාගෙන යන නයිට් රයිඩර්ස් නායක නිතිෂ් රානා ය.

https://www.espncricinfo.com/series/indian-premier-league-2023-1345038/gujarat-titans-vs-kolkata-knight-riders-13th-match-1359487/full-scorecard

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan