*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/16

  1. 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දී තිබෙන නව ත්‍රස්ත-විරෝධී පනත, ඒකරාශී වීමට ඇති අයිතියට පනවා ඇති සීමාවන් උග්‍ර කරන බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස බරපතල අන්දමින් සීමාකරන බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ බල මණ්ඩලය (International Federation of Journalists) පවසයි.
  2. නිසි විශ්වාසනීය විදේශ විනිමය මුදල් ගලනයක (pipeline of Forex inflows) වර්ධනයක් පෙන්නුම් කරමින් තිබියදී පවා 2022 අප්‍රේල් 12 වන දින “ණය පැහැර හැරීම” නිවේදනය කිරීමට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කටයුතු කිරීම පිළිබඳව විමර්ශනයක් දියත් කරන මෙන් විවිධ පක්ෂවල මන්ත්‍රීවරු ඉල්ලා සිටිති – මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පා.ම. වජිර අබේවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පා.ම. වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුව ස්වාධීන වූ යුතුකම කවයේ නායක පා.ම. ගෙවිඳු කුමාරතුංග මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද වෙති.
  3. මෙම වසරේ අලුත් අවුරුදු සමය තුළ ගිනි කෙළි නිසා සිදුව ඇති අනතුරුවල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පවසයි – ගිනි කෙළි අලෙවියේ ද සැලකිය යුතු පහත වැටීමක් මෙම වසරේ දක්නට ඇති බව ගිනි කෙළි වෙළඳාමේ නියුතු අය පවසති.
  4. එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක වේදිකාවකට ගෙන ඒමට තමා සහ පා.ම. රවුෆ් හකීම් විසින් ප්‍රයද්නයක් දියත් කළ ද, ඊට සමඟි ජන බලවේගයේ නායකත්වය විසින් ප්‍රතිචාර නොදැක්වූ බව පා.ම. මනෝ ගනේෂන් පවසයි – මීට අදාළ සාකච්ඡාවල “අගමැතිධුරයක්” පිළිබඳ සංවාදයක් මතු නොවූ බව ද පවසයි.
  5. ඊයේ දින දුම්රිය සේවාවන් 210 කින් 34ක් ම අවලංගු කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ පවසයි – අලුත් අවුරුදු කාලසීමාව තුළ සහ ඉන් පසුව දිගු-දුර දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දුන් බව ද පවසයි.
  6. ණය අර්බුදය “විසඳීම” සහ “ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට” රජය ලබා දී ඇති කැපවීම කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකුමුරා සිය ප්‍රශංසාව පළ කරයි – තම දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ “ඵලදායී සාකච්ඡාවක්” පැවැත්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: 2015 – 2019 කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය, ඇ.ඩො. බිලියන 05 (දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 06ක්) සිට ඇ.ඩො. බිලියන 15 (දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 18ක්) දක්වා අති විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  7. ඉකුත් වසරේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇ.ඩො. මිලියන 500 ක ණය පහසුකමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් නැවත ගෙවා ඇති බව හින්දුස්තානි ටයිම්ස් පුවත්පත වාර්තා කරයි – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන තුළ චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ණයහිමියන්ට සැලකිය යුතු මට්ටමක ණය කප්පාදුකිරීම් (haircuts) සඳහා යොමුවීමට සිදුවනු ඇති බව ද පවසයි.
  8. මහරගම පමුණුව වෙළඳපොලේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන මිනිසුන් සංඛ්‍යාව, ඉකුත් වසරවල ආසන්නයට වත් මෙම වසරේ පැමිණ නැති බව එහි වෙළෙන්දෝ පවසති – මහජනතාවට වෙනදා තරම් මිලදී ගැනීමේ හැකියාවක් දැන් නැති බවත්, පසුගිය වසර මීට සාපේක්ෂව යහපත් මට්ටමක පැවති බවත් පවසති.
  9. එළඹෙන ජූනි මස සිට, සීෂෙල්ස් හි මාහේ සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් දෙක බැගින් දියත් කිරීමට කටයුතු කරන බව එයාර් සීෂෙල්ස් (Air Seychelles) සමාගම පවසයි – පැය 04 ක පළමු ගුවන් ගමන 2023 ජූනි 20 වන දින පැමිණීමට නියමිතය.
  10. අද දින අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan