ජනතාවගේ අවධානයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අවුරුදු නිමවී නැවතත් තම දෛනික රාජකාරි සඳහා අධිවේගී මාර්ග භාවිත කරමින් අද (16) යළි කොළඹ ට පැමිණෙමින් සිටින අතර , සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළදී අධිවේගයේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවී ඇති අනතුරු ගණන 856ක් බවය.

2011 නොවැම්බර් 27 වනදා දක්ෂිණ අධිවේගයෙන් පළමු අධිවේගී මාර්ග අත්දැකීම ලද අප මේ වනවිට කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම සිට කුරුණෑගල දක්වා කොටසද භාවිත කරනු ලබන අතර අධිවේගී මාර්ග භාවිතය ඉහළයාමත් සමග දිනෙන් දින එම මාර්ගවල සිදුවන අනතුරු ද ඉහළයාම සැලකිය යුතු කරුණකි.

මාර්ග සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2022 දී පමණක් සිදුව ඇති ඇති අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 1,675 ක් වන අතර , එම අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 25 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවුණු මාස තුනහමාරට අයත් කාලයේදී පමණක් සිදුව තිබුණු අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 856 බවත් , ඉන් 6 දෙනෙකු මියගොස් තිබුණු අතර තවත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව තොරතුරු හෙළිවේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසූවේ , අධිවේගී මාර්ග අනතුරු ඉහළයාමට හේතුවී ඇත්තේ, වාහනයේ තත්ත්වය පිළිබඳව රියදුරා සතුව මනා අවබෝධයක් නොමැතිකම බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...