චීනයෙන් අඛණ්ඩ සහය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාශීලිව චීන මුල්‍ය ආයතන, අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අඛණ්ඩව සහාය ලබාදෙන බව එරට චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසයි.

මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නය -:

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනය මෙම වේදිකාවට එක්වන්නේ නම් එය ඉතා සාදරයෙන් පිළිගන්නා බව ජපානය පවසනවා. මේ සඳහා චීනයේ ප්‍රතිචාරය කුමක්ද?”

වැන්ග් වෙන්බින් මහතා -:

“ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා අපි චීන මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය දෙන බව මම නැවත අවධාරණය කරනු ලබනවා. ශ්‍රී ලංකාවට ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපි අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරනු ලබනවා.”

“එමෙන්ම මෙම ණය අර්බුදය සාධාරණ හා සමාන අයුරින් බෙදීයන පදනමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස අපි වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන්ද ඉල්ලා සිටිනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...