දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/17

Date:

  1. ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ මාවතට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – දැන් රටට ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙමින් පවතින බවත්, රට සශ්‍රීක නොවූවත් සශ්‍රීක මාවතකට පැමිණ ඇති බවත් පවසයි.
  2. වෘක්ෂලතා සහ සත්ත්ව ආඥාපනතේ සඳහන් විශේෂ තත්ත්ව මත හැරුණු විට අධිගහණ රිලවුන් අපනයනය කිරීම සඳහා එම පනතේ ප්‍රතිපාදන සපයා නැති බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි – පවතින නීති ප්‍රතිපාදන යටතේ සතුන් අපනයනය කළ හැක්කේ සංරක්ෂණ අරමුණු සඳහා පමණක් බව ද පවසයි.
  3. එල්ටීටීඊ සංවිධානයේ ‘නිහඬ ඒකක’ (sleeper units) කිහිපයක් විසින් එම සංවිධානය යළි පණ ගැන්වීමට ගන්නා උත්සාහයක් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බුද්ධි අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ – ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යාංශය (Indian Central Intelligence Bureau) වෙත ලැබුණු ඔත්තුවක් මත ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (Indian National Investigation Agency) විසින් සිදුකරන ලද වැටලීම් කිහිපයකදී මෙම සැකය තහවුරු කරන සාක්ෂි සොයාගෙන ඇති බව ද සඳහන්.
  4. අක්‍රිය ණය විශාල අන්දමින් ඉහළ යාම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කප්පාදුව (hair-cut) නිසා විදේශ විනිමය වත්කම් අඩුවීම, සහ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම මත වත්කම් තවදුරටත් අඩුවීම නිසා මෙරට බැංකු පද්ධතිය දුර්වල වීම හමුවේ ගොඩනැඟෙන අති-භයානක තත්ත්වයට මුහුණ දීමට බලධාරීන් සහ බැංකු සූදානම් නොමැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්ලේෂකයෝ සිය අවධානය යොමුකරති.
  5. ශ්‍රී ලංකාවට ලබා දුන් ඇ.ඩො. මිලියන 200 ක ස්වප් පහසුකම පියවීම සඳහා ලබා දෙන කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට තීරණය කළ බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් පවසයි – ශ්‍රී ලංකාවට මෙම ණය පියවීම සඳහා ලබා දෙන කාලය දීර්ඝ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් තහවුරු කළ බව ද පවසයි.
  6. මෙරට සංචාරක කර්මාන්තය, ප්‍රධාන ආර්ථික අංගයක් දක්වා වර්ධනය වීමට නියමිත බව ඩිජිටල් ගෙවීම් තාක්ෂණ විශේෂඥ විසා පුරෝකථනය කරයි – සංචාරක ක්ෂේත්‍රය රට ප්‍රකෘතිමත් වීම කෙරේ අත්‍යාවශ්‍ය වනු ඇති බවට විශ්වාසය පළකරයි.
  7. 2019 වසරේ සිට අර්බුද ගණනාවකින්ම බැට කෑ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ක්ෂේත්‍රය තුළ වේගවත් ප්‍රබෝධයක් ඇති කිරීමේ සහ වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තම පළමු පශ්චාත්-කොවිඩ් සංදර්ශන මාලාව චීනයේ තෝරාගත් නගර කිහිපයක (ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු) පැවැත්වීම ආරම්භ කරයි.
  8. එළු පට්ටි පාලනය සඳහා උත්සුක එහෙත් රැකියාවක නියුතු නොවන ග්‍රාමීය අංශයේ තරුණ පුද්ගලයන් සඳහා එළුවන් 70,000 ක් ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
  9. ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත පැහැදිලිවම සෑම මානව හිමිකම් කඩඉම් අංගයක්ම ඉටු කිරීමට අසමත් වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ආසියානු අධිවාචන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පවසයි – මීට අදාළව එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමතා, මෙම යෝජිත නීතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව දැනුම් දිය යුතු බව ද පවසයි.
  10. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන අධික උෂ්ණත්වය හමුවේ තම දරුවන් නිසිපරිදි සජල තත්ත්වයේ පවත්වා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරයි – පවතින අධික උෂ්ණත්වය සහ අධික දහඩිය දැමීම හමුවේ සමේ බිබිලි සහ දද මතුවීමට ඇති සම්භාවිතාවය ඉහළ නංවන බව ද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...