එළු පාලනයට එළුවන් 70,000ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ අප රටේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබන අතර ,එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා අප රටේ එළු පාලනය සම්බන්ධව අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණික ලබා දීම මෙන්ම එළුපාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා ( Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසා දීමට ද නියමිතය.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම , 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.

එමෙන්ම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අප රටේ කවර දිස්ත්‍රික්කයක වුවද එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකිය. මේ සඳහා සුදුසු එළු වර්ග කිහිපයක් දැනට හඳුනාගෙන ඇත. ඔවුන් නම් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයන්ය. මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බව කෘෂි අංශ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...