ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදය හෙට ලන්ඩන් නුවර දී!

Date:

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, 2023 අප්‍රේල් 18 වැනි දින ලන්ඩනයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ (FCDO) පැවැත්වීමට නියමිත විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම එක්සත් රාජධානි-ශ්‍රී ලංකා උපායමාර්ගික සංවාදයට සහභාගි වනු ඇත. FCDO හි එක්සත් රාජධානි රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි ට්‍රෙව්ලියන් මැතිනිය මෙම සංවාදය ආරම්භ කිරීමට නියමිත අතර, එය FCDO හි නිත්‍ය උපලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් මැතිතුමාගේ සහභාගිත්වයෙන් මෙහෙයවනු ලැබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ  සංවත්සරය මෙම වසරේ දී සුවිශේෂී අයුරින් සනිටුහන් කෙරෙන බැවින්, FCDO හි ඇරයුමකට අනුව මෙම ප්‍රථම උපායමාර්ගික සංවාදය පවත්වනු ලැබේ.

 දෙරට අතර පවත්නා බහුවිධ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් මෙම උපායමාර්ගික සංවාදය හරහා දෙපාර්ශ්වයට හිමි වනු ඇත.

 විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මැතිනිය මෙම සංවාදයට සමගාමීව, පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහලේකම් මහාචාර්ය ලුයිස් ජී. ෆ්‍රැන්චෙස්කි මහත්මා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වනු ඇත. එමෙන්ම, සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ (APPG) සාමාජිකයින් සමඟ ද අන්තර් ක්‍රියා පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අප්‍රේල් 17 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...