සම සෞඛ්‍ය උපාධිධාරීන් දහසකට අධිකව රැකියා විරහිතයි – රවි කුමුදේශ්

Date:

*සෞඛ්‍ය අමාත්‍යාංශය සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම හිතාමතාම පැහැර හරිමින්, බිලියන ගණනක් අනවශ්‍ය ලෙස වැය කරමින්, ඩිප්ලෝමාධාරීන් පුහුණුවට බඳවා ගනිමින් සිටිනවා *

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනූව 2006 වර්ෂයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාට අවශ්‍ය සම සෞඛ්‍ය උපාධිධාරීන් ප්‍රමාණවත් පරිදි පුහුණු කරමින් තිබියදී ඔවුන්ව සේවාවට බඳවා ගැනීම දිගින් දිගටම පැහැර හරිමින්, නැවත නැවත ඩිප්ලෝමා සඳහා පුහුණුවට බඳව ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බිලියන ගණනක අනවශ්‍ය වියදමක් සිදු කර ඇත. හිටපු සෞඛ්‍ය ලේකම් වරයා විසින් ඉතා අත්තනෝමතික ලෙස ගණු ලැබු එම තීන්දුව හේතුවෙන් විශාල මුදල් නාස්තියකට අමතරව, සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ට මෙන්ම පුහුණුවට බඳවා ගත් ඩිප්ලෝමාධාරීන්ටද රැකියා අහිමිවන තත්වයක්ද ඇති වී තිබේ. ඩිප්ලෝමාධාරීන් පුහුණුවට බඳවා ගැනීමේදී ඒ හරහා තමන්ට පෞද්ගලිකව ලැබෙන අමතර වාසි කිහිපයක් හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරියක්ගේ සහ අතිරේක සෞඛ්‍ය ලේකම්වරයෙකුගේ වුවමණාව මත, හිටපු ලේකම්වරයා මෙම තීන්දුව ගනු ලැබූ අතර, ඒ හරහා සිදු වී ඇති පාඩුව විගණනය කොට, හිතාමතාම රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි මුදල් අපතේ යැවීමට එරෙහිව හිටපු ලේකම්වරයාගෙන් සහ එම තීරණය සඳහා බලපෑම් කල අතිරේක ලේකම්වරයාගෙන් හානි පූර්ණය කර ගත යුතුබව අප අවධාරණය කරමු.

කෙසේ නමුත් මේ වන විටත් එම බලපෑම නතර වී නොමැති අතර, තම විශ්‍රාම වයස පවා අනීතිකව දිගුකර ගනිමින් සිටින අදාල අතිරේක ලේකම්වරයා, වර්ථමාණ සෞඛ්‍ය ලේකම් වරයාටද බලපෑම් කරමින් අදාල උපාධිධාරීන් බඳවා ගැනීමට බාධා කරමින් සිටී.

ඒ හේතුවෙන් මේවන විටත් වසර තුනකට වඩා අධික කාලයක් අදාල උපාධිධාරීන්න්ව බඳවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැර හැර ඇත.

සෞඛ්‍ය සේවාවේ බඳවා ගැනිම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කප්පාදු නොකරන බවට ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශන් කරමින් තිබියදී පවා, බඳවා ගැනීම් සඳහා අවශ්‍ය අනුමැතිය නිසිපරිදි ලබා නොගනමින් හා ප්‍රතපාදන වෙන්කරවා නොගනිමින් අදාල උපාධිධාරීන් වසන් තුනක් තිස්සේ රැකියා විරහිත තත්වය පත් කරවීමට අදලා අතිරේක ලේකම් වරයා, රජය අපකීර්තියට පත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය අනියමින් පාළණය කරමින් සිටී.

කෙසේ නමුත් ඒ හේතුවෙන් මේවන විටත් සම සෞඛ්‍ය උපාධිධාරී න් දහසකට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...