*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

තිරසාර සංවර්ධනයට බදු ආදායම් වැදගත් – මුදල් රාජ්‍ය ඇමති

කොළඹ LNW:2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා බදුකරණය හරහා රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීම වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ,ගෝලීය සංවර්ධනට මුලපිරීමේ නව ප්‍රගතිය, තිරසාර සංවර්ධන ඉලක්ක 2030 න්‍යාය පත්‍රයට සහය වීමට නව ක්‍රියාමාර්ග යන තේමාව යටතේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ සංසදය අතරතුර චීනයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ (CIDCA) පැවති සම්මන්ත්‍රණයේදීය.

බදු අනුපාතය තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සම්බන්ධව ඇති බව පර්යේෂණය සොයාගෙන ඇති බවත් නැඟී එන ආර්ථිකයන්හි තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා බදු ආදායම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

”කෙසේ වෙතත්, බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉලක්ක අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගැනීම පහසු නොවන අතර ප්‍රතිපත්ති සම්පාදකයින් සහ බදු පරිපාලකයින් අතර මෙම සංකල්පය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම වැදගත් වේ.
අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය, ප්‍රධාන අවශ්‍යතා වැඩි දියුණු කිරීමට අපි සැලකිය යුතු ආයෝජනයක් කර ඇත. අපගේ නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් සාක්ෂරතාවය, අධ්‍යාපන මට්ටම්, අඩු මාතෘ හා ළදරු මරණ පිළිබඳව ශ්‍රී ලංකාව ආකර්ෂණීය වාර්තා තබා ඇත. විදුලිය සහ පානීය ජල සැපයුමෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇත. මේ සියලු සුබසාධන ‍පහසුකම් සඳහා මුදල් යෙදවිය යුතු බවත් අතර ප්‍රධාන මූලාශ්‍රය බදු අයකිරීමයි.”

ශ්‍රී ලංකාව මේ වන විට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ණය හිමියන්, IMF සංවිධානය, ලෝක බැංකුව සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව අපි මේ වන විට මෙම අභියෝගය කළමණාකරණය කරමින් සිටින බව සේමසිංහ මහතා පවසයි.

පසුගිය මාසයේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන IMF සංවිධානය අනුමත කිරීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් ඇති බවද හෙතෙම සඳහන් කරයි.

”සැලකිය යුතු කාලයක් පුරා පැවති රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් රටේ දැනට පවතින දරුණු ආර්ථික තත්ත්වයන්ට බලපෑ අතර අඩු රාජ්‍ය ආදායම සහ ඉහළ පුනරාවර්තන වියදම් දශක කිහිපයක් පුරා අයවැය හිඟයකට හේතු වී ඇත. මෙය තිරසාර නොවන මට්ටම් කරා ළඟා වී ඇති රාජ්‍ය ණය ඉහළ නැංවීමට හේතු වී ඇත. මීට අමතරව, 2019 අග භාගයේ බදු අඩු කිරීම්, ආදායම තවදුරටත් අහිමි වීමට බලපෑවේය. අතීත වැරදි සහ උගත් පාඩම් නිසි ලෙස හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුලත්ව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ න්‍සිදුකිරීමට කැපවී සිටී. ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන ලක්ෂණයකි.” යනුවෙන් හෙතෙම කියාසිටියි.

ඒ අනුව, මූල්‍ය අවකාශය වැඩි සදහා ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. බදු පදනම පුලුල් කිරීම මගින් සහ අංශ විශේෂිත බදු නිදහස් ඉවත් කිරීම් සහ සහනදායි අනුපාත ඉවත් කිරීම මගින් බදු පද්ධතිය වඩාත් ශක්තිමත් කර ඇත.

විශේෂයෙන්ම, බදු නිදහස් සීමාවන් අඩු කිරීම සහ බදු අනුපාත වැඩි කිරීම මගින් පුද්ගලික ආදායම් බදු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම ආදායම් වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ 2022 වසරේ වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් වූ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

ආදායම් මත පදනම් වූ මෙම ප්‍රතිසංස්කරණ මගින් බදු ගෙවීමෙන් පසු ආදායම් අසමානතාවය අවම කිරීමට දායක වන අතර, ඉහළ ආදායම් ලබන්නන් බදු ආදායමට වැඩි දායකත්වයක් ලබා දෙන බව සහතික කරයි. තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍යකරණය කිරීමේ බර දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් මත අසමාන ලෙස නොපැමිණීම සහතික කිරීම සඳහා සාධාරණ බදු ක්‍රමයක් අත්‍යවශ්‍ය වේ.

වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ගොනුවක් විවෘත කිරීම, ඉලෙක්ට්‍රොනික බදු ගොනු කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම, බදු විගණන සහ පාලන වැඩි දියුණු කිරීම රාජ්‍ය ආදායම ඉහළ නංවන අතරම, රාජ්‍ය මූල්‍ය පාලනය කිරීම සඳහා වියදම් පාලනය කිරීමේ ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් පාලනය කිරීම, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට බාධාවක් නොවනු ඇත. ආර්ථික අභියෝගවල බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය මුදවා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා අපි සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කර ඇත. සැබෑ ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ අරමුණින් සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කරන අතරම, ප්‍රතිලාභින් තෝරා ගැනීම සඳහා නව සුදුසුකම් නිර්ණායක හඳුන්වා දී ඇත.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හදුන්වා දීමට අපි කැපවී සිටින අතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන වැඩි දියුණු කිරීමට ද හැකි වනු ඇති බව විශ්වාසය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”ඊට අමතරව, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියක් මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුක්ත බව සහතික කිරීමට කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාව ආදායම ඉහළ නැංවීමට, බදු පරිපාලනය ශක්තිමත් කිරීමට සහ සංවර්ධන ප්‍රතිපත්ති, තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ පෙළගැස්වීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටි.
ශ්‍රී ලංකාවට වර්තමාන අභියෝගයෙන් ජයගැනීමට හැකි බවත්, මෙතෙක් අත්කර ගෙන ඇති තිරසාර සංවර්ධන ඉලක්ක ජයග්‍රහණ ආපසු හැරවීමක් සිදු නොකරනු ඇත.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan