එලොන් මස්ක්ගේ SpaceX රොකට්ටුව දියත් කිරීම අසාර්ථකයි

Date:

එලොන් මස්ක්ගේ SpaceX රොකට්ටුව පරීක්ෂණ පියාසැරියකින් මිනිත්තු කිහිපයක් ඇතුළත පුපුරාගොස් ඇති බව වාර්තා වේ. මෙය මෙතෙක් නිපදවා ඇති විශාලතම හා බලවත්ම රොකට්ටුව ලෙස හඳුන්වන අතර එහි නිෂ්පාදකයින් වන SpaceX අඟහරු වෙත මිනිස් ගමනක පළමු පියවර වනු ඇතැයි අපේක්ෂා කරයි.

බූස්ටරය සහ යාත්‍රාව ගුවන්ගත වීමෙන් පසු නිසි ලෙස වෙන් නොවීම අභ්‍යවකාශ යානය අසාර්ථක වීමට හේතු වන්නට ඇති බව ප්‍රකාශ කෙරේ. SpaceX මීට පෙර අනතුරු අඟවා තිබුණේ සාර්ථකත්වයේ අවස්ථා අඩු බවයි.

SpaceX ගගනගාමීන් 100 දෙනෙකු දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති අතර Raptor එන්ජින් 33ක ක්‍රියාකාරීත්වයක් සහිත වේ. මෙය මඟී ජෙටි යානා තුනක් තරම් දිගු වන දැවැන්ත අභ්‍යවකාශ යානයක් වන අතර ටොන් 150ක් දක්වා බර පැටවීමේ ධාරිතාවකින් යුක්ත වේ. මේ වෙනුවෙන්ම ටෙක්සාස් හි Boca Chica හි මෙක්සිකෝ බොක්කෙහි Starbase නමින් තමන්ගේම අභ්‍යවකාශ තොටුපළක් ඉදිකරන ලද අතර අනාගත පරීක්ෂණ සඳහා තවත් Starships කිහිපයක් දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින බව වාර්තා වේ.

මස්ක් මෙහිදී පවසා තිබුණේ, න්‍යෂ්ටික යුද්ධයක් හෝ ග්‍රහක ප්‍රහාරයක් වැනි ග්‍රහලෝක විනාශ කිරීමකදී මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ලෙස අඟහරු තුළ ජනපදකරණය ආරම්භ කිරීම මෙමඟින් අපේක්ෂා කළ බවයි. එමෙන්ම මෙමඟින් සඳ වටා පුද්ගලයින් 11 දෙනෙකු වෙනුවෙන් පුද්ගලික අරමුදල් සපයන සංචාරයක් පවා සූදානම් කර තිබිණ.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...